මහින්දට දණහිස් ආබාධයක් : රටවල් දෙකකින් ආධාර.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සුපිරි නිල නිවසට 'විදුලි සෝපානයක්' (ලිෆ්ට්) මිලදී ගැනීම සඳහා රටවල් දෙකකින් ආධාර ලැබී ඇතැයි වාර්තාවේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව මාස 06කට වැඩි කාලයක් පදිංචිව සිටි කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සුපිරි නිවස රුපියල් මිලියන 40කට වැඩි මුදලක් වැයකර මුළුමනින්ම අලුත්වැඩියා කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇත.

එහෙත්, එහි 'විදුලි සෝපානයක්' සවිකර දෙන ලෙසට තමා කල ඉල්ලීමට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුන බව හිටපු ජනාධිපතිවරයා පසුගියදා ජපානයේ කල සංචාරයේදී එරට වෙසෙන ඔහුගේ හිතවතුන්ට දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇති අතර, එහිදී එම පිරිස 'විදුලි සෝපානයක්' මිලදී ගැනීම සඳහා ආධාර කිරීමට එකඟවී තිබේ.

අනතුරුව සිය කොරියා සංචාරයේදී එරට වෙසෙන තම හිතවතුන්ට ද මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ද 'විදුලි සෝපානයක්' මිල දී ගැනීමට ආධාර කර තිබේ.

මේ අනුව එක විදුලි සෝපානයක් වෙනුවට දෙකක් සඳහා ආධාර ලැබී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා 'අබාන්ස්' ආයතනයෙන් එක් විදුලි සෝපානයක් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.

හිටපු ජනාධිපතිවරයාට සිය නිල නිවසේ ඉහල මාලයේ පිහිටි ඔහුගේ නිදන කාමරයට පඩි පෙළ හරහා යාමට නොහැකි තත්වයක් මතුව ඇත්තේ, මේවනවිට ඔහු බරපතල දණහිස් ආබාධයකින් පෙලෙන නිසාය.

Share on Google Plus

0 comments:

Post a Comment