මහින්ද ඉතාලි නොයා මැලේසියාවට යාමට සැරසෙයි.


ඉතාලියේ සංචාරය කිරීමට නියමිතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයට එක් නොවී මැලේසියාවේ සංචාරයකට එක්වීමට සැරසෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වීමට සැරසෙන්නේ කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංචත්සරය මඟ හැරීමට බව දේශපාලන විචාරක මතය වේ.

හිටපු ජනපතිවරයා යුරෝපය තුළදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බැවින් ඔහු ඉතාලි සංචාරය අත්හැරීමට තීරණය කර ඇති බව පැවසේ.

ඔහු යුරෝපයේදී අත්අඩංගුවට ගැනීමට විදේශීය දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, රාජපක්ෂ මහතා සමඟ දහතුන්දෙනෙකු ඉතාලියට යාමට සූදානම්ව සිටි බවත් ඔවුන් අතරින් කිහිපදෙනෙකුට ඉතාලියට යාමට වීසා ලැබී නොමැති බවත් වාර්තා වේ.

එසේ වීසා ලබාදී නැත්තේ විසා අයදුම් කළ අය අතර බරපතල චෝදනාවට ලක්ව සිටින අය ඇති බැවින් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට රැගෙනයාමට සිටි පොලිස් නිලධාරීන්ටද මෙතෙක් පොලිස්පතිවරයා එම සංචාර සදහා එක්වීමට අවසර ලබාදී නැතැයිද පැවසේ.

Share on Google Plus

0 comments:

Post a Comment