අනධ්‍යයන අස්සේ, ග්‍රේරුට මොකද වුනේ?


පසුගිය 27 වනදා ආරම්භ කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අවසන් විය.

කැබිනට් අමාත්‍යවරයා, මුදල් ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡා සියල්ල අසාර්ථක වීමෙන් අනතුරුව දිගින් දිගට ම පැවති වැඩ වර්ජනය සම්බන්ධව නැවත සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (06) උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවති අතර එහිදී වැඩ වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති නියෝජිතයෝ එකඟ වූහ.

වෘත්තීය සමිති ඉල්ලීම් 07න් 06ක් සඳහා සාර්ථක ප්‍රතිචාර ලැබී තිබිය දී ප්‍රධානම ඉල්ලීම ඉවත දමා තිබෙන තත්ත්වයක ඇමති ග්‍රේරු මහතාගේ මැදිහත්වීම මත සෙනසුරාදා පැවති සාකච්ඡාව අති සාර්ථකව විසඳුණි.

නමුත් අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රාජ්‍ය ඇමති ග්‍රේරු සිනහමුසු මුහුණින් සිටියා විනා ඔහුට වචනයක්වත් පැවසීමට අවස්ථාව ලැබුණේ නැත. මාධ්‍ය ඉදිරියේ අනෙකුත් අය ලකුණු දමා ගනිද්දී එසේ නිහඩව සිටීම පිළිබඳ මාධ්‍යවේදීන්, අනධ්‍යයන සේවකයන් පවා සිය මවිතය පළ කළ අතර අමාත්‍යවරයාගෙන් ඇතැමෙක් ඒ පිළිබඳ විමසූ විට ‘කොහොම හරි මේක ඉවර කරගත්තානේ...දැන් ළමයින්ට ආපහු විශ්වවිද්‍යාලවලට එන්න පුළුවන්නේ...’ යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

Share on Google Plus