මහින්දගේ මැලේසියා ගමන අවුලක



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැලේසියාවේ සංචාරයකට පැමිණීම සම්බන්ධයෙන් මැලේසියානු රජය අපහසුතාවයකට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ හිටපු ජනපතිවරයා මැලේසියාවට පැමිණියහොත් එහි සිටින දෙමළ ජාතිකයන් හිටපු ජනපතිවරයාට මෙන්ම මැලේසියානු රජයට ද විරෝධය දක්වා විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට සූදානම්ව සිටින බැවිනි. (මලේසියාවේ වෙසෙන වැඩි පිරිස දෙමළ ජාතිකයෝ වෙති.)

රාජපක්ෂ මහතා මැලේසියාවට යාමට සූදානම්වන්නේ ජාත්‍යන්තර ආසියා ෆැසිපික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ සංසද (International Conference of Asia Pacific Parliament Members Union) සමුළුවට එක්වීම සඳහාය.

එය සැප්තැම්බර් 01වැනිදා සිට 04 වැනිදා දක්වා මැලේසියාවේ පැවැත්වෙන අතර ඊට හිටපු ජනපතිවරයා සමඟ දිනේෂ් ගුණවර්ධන, ලොහාන් රත්වත්තේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ද සහභාගිවීමට නියමිතය.

මහින්ද රට පනින්නේ මූන්ට බයේ ?

රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ගත වීමට සැරසෙන්නේ කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංචත්සරය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැංකි මූන්ගේ ශ්‍රී ලංකා සංචාරය මඟ හැරීමට බවට ටැමිල් සීඑන්එන් (tamilcnn) වාර්තාකර තිබේ.

කෙසේවුවද, ජාත්‍යන්තර ආසියා ෆැසිපික් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ සංසද (International Conference of Asia Pacific Parliament Members Union) සමුළුවට මින් පෙර කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලංකාවෙන් සහභාගිවී නොමැති බවද මේ අතර වාර්තා වේ.

එසේම, දකුණු ආසියානු රටක් අදාළ සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ හෝ සාමාජිකත්වය නොදරණ බව පැවසේ.

මෙහි නිරීක්ෂණ මට්ටමේ හෝ සාමාජිකත්වයක් දරණු ලබන මේ කලාපයේ එකම රටවන්නේ වියට්නාමයයි.

අදාළ සංවිධානයේ සාමාජිකත්වය දරනු ලබන ආසියානු රටවල් වන්නේ ජපානය, කොරියාව, ලාඕ, මැලේසියාව, මොන්ගෝලියාව, පිලිපීනය, චීන සමූහ ආණ්ඩුව (තායිවානය) හා තායිලන්තය යන රටවල් වේ

Share on Google Plus

0 comments:

Post a Comment