පැරදීලා පළාගිය කැන්ගරු නායකයාට මහේලගෙන් නෝන්ඩියක්!


ඊයේ ලද පරාජයත් සමගින් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් නැවත ඕස්ට්‍රේලියාව වෙත කැඳවීමට එරට ක්‍රිකට් බළධාරීන් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරඟ 3දී සහ පන්දුවාර විස්සයි විස්සේ තරඟ දෙකේදී කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ලැබී ඇත්තේ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර් හටයි.

ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු ප්‍ර‍ධානී රොඩ් මාෂ් පවසා ඇත්තේ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සූදානම් වීමට ස්මිත් හට විවේකයක් ලබා දුන් බවත්ය.

හිටපු ශ්‍රීලංකා නායක මහේල ජයවර්ධනද සිය ට්විටර් ගිණුම හරහා මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණා.

ඔහු එහිදී කියා තිබුණේ මෙම තරඟාවලිය නිමා නොවී තිබියදීත් ඉදිරි දකුණු අප්‍රිකාණු තරඟාවලිය සඳහා සූදානම් වීමට කියා ස්මිත් මෙසේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාම පුදුමය දනවන සුළු කාරණයක් බවයි.වෙන කිසිදු ඕස්ට්‍රේලියානු නායකයෙක් මින් පෙර මෙවන් දෙයක් කර ඇතිද යන්න මහේල එහිදී නෝන්ඩියට මෙන් විමසා සිටියා.

Share on Google Plus

0 comments:

Post a Comment