මහින්දගෙන් පඩි ගත් මාධ්‍යවේදීන් හෙළි වෙයි.


පසුගිය ආණ්ඩු සමයේ දී රජයේ ආයතන හරහා විවිධ වරදාන, වරප‍්‍රසාද, තනතුරු සහ මුදල් ලබා ගත් මාධ්‍යවේදීන්,මාධ්‍ය ආයතන හිමිකරුවන් නුදුරේම මෙරට මහජනතාවටහෙළි කරන බව අගමැති කාර්යාලය පවසයි.

ආණ්ඩුවේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙන්ම ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප‍්‍රකාශ විකෘති කර හා වැරදි අර්ථකථන සපයමින් මෙරට ජනතාව නොමඟ යවමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ සමයේ දී විවිධ වරදාන වරප‍්‍රසාද ලත් මාධ්‍යවේදී පිරිසක් විසින් බවට තොරතුරු හෙළිව තිබේ.  මේ අතර කිසිවකුත් අපේක්ෂා නොකරන, සමාජය හමුවේ සුදු චරිත ලෙස පෙනී සිටින ප‍්‍රකට මාධ්‍යවේදීන් ද සිටින බව ද දැනගැනීමට තිබේ.

එම මාධ්‍යවේදීන් සහ ඇතැම් මාධ්‍ය හිමිකරුවන් පසුගිය රජයෙන් ලබා ගත්  රජයේ කොන්ත‍්‍රාත්, ටෙන්ඩර්, යාන වාහන, රජයේ ආයතනවලට අනුයුක්තව ලබා ගත් වැටුප් හා වෙනත් දීමනා හා පහසුකම් සම්බන්ධ තොරතුරු ද ඇතැමුන්ගේ මඟුල් තුලාවලට රජයේ මුදල් වැය කර තිබෙන බවට තොරතුරු ද මේ අතර වේ. රාජපක්ෂවරුන්ගේ නියෝග මත  රජයේ බැංකු මඟින් මිලියන ගණනින්  ණය පහසුකම් ලබා ගත් කිහිප දෙනකු ද මේ අතර වන බව පැවැසේ.  එහි දී නීත්‍යනුකූල නොවන ගනුදෙනු රැසක් තිබෙන බව ද හෙළිව ඇති අතර ඊට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට ද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.

මූලාශ්‍රය - සත්හඬ

Share on Google Plus