'අලුත් පක්ෂ හදලා බලමු' - ජනපති, මට රට දුන්නේ මහින්දට බැරි හින්දයි - රනිල්.


මේ ආණ්ඩුව තමාට ලබාදෙනු ලැබුවේ දිගින් දිගටම ලෝකයට ණය වී රට අගාධයට තල්ලුවී ගිය පසු තවදුරටත් ගෙනයා නොහැකි නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම අභියෝගය බාරගෙන මේවන විට රට ක්‍රමයෙන් දියුණු කරමින් සිටින බවත්,පළමු අවුරුද්ද අද දිනයේ සමරනු ලැබුවද දෙවෙනි අවුරුද්ද සමරන විට මීට වඩා විශාල දියුණුවක් ලබාතිබෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියි.

අද(19)මාතර,සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති යහපාලන ආණ්ඩුවේ පළමු ජාතික සැමරුම් උළෙලට සහභාගිවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනයේ හොරු පන්නා දැමූ පසු දැන් දැන් ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණය තහවුරු කරන බවද,රටේ හොරු පැන්නීමෙන් රටේ සංවර්ධනයද දැන් දැන් අත්පත් කරගනිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම කටයුතු සිදුකරමින් යනවිට තමාට 'දේශද්‍රෝහියා'යයි කියන බවත්,තමන් ප්‍රභාකරන්ට සල්ලි පොට්ටනි ලබාදී ඡන්දය ලබාගැනීමට කටයුතු නොකළ බව අග්‍රමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

"එකතුවී ගම හදමු",එකතුවී රට හදමු"යයි ද,'එකතුවී අනාගතය ගොඩනඟමු' යයි සියලුදෙනාට ආරාධනා කරන අග්‍රාමාත්‍යවරයා "වෙන් වෙන්ව තරඟ කරමු" යයි යෝජනා කළේය.

ඒ තුළින් ලෝකයට අලුත් දේශපාලනයක් පෙන්විය යුතු බව හෙතෙම වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් මෙසේ කීවේය.

“සමහරුන් අද අලුත් පක්ෂ හදන බව කියනවා. හදලා බලමු. ඔවුන් එදා කළ හොර, මැර, වංචා, දූෂණ වල තරම එදාට හෙළි කරනවා. මෙතෙක් කල් හංගාගෙන සිටි රහස් එදාට හෙළි කරනවා එතකොට ඒ ගොල්ලන්ට සිදු වන්නේ පාරේ ඇවිද ඇවිද සිටීම තමයි. අපේ කට්ටියට මම කියන්නෙත් හොරකම් කරන්න එපා. හොරකම් කරන්න දෙන්නෙත් නෑ. හොරකම් කරල අහුවුනොත් අරගොල්ලන්ට වඩා දඬුවම් දෙනවා දෙනවාමයි." 

Share on Google Plus

0 comments:

Post a Comment