යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය.



යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)


හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර නොහොත්,රසිකලොජිස්ට් මහතාය. අපි කලේ, එයා ලියපු ඒවාට උල්පන්දම් දීම පමණක්මය.

ඒ අස්සේ එකෙක් කියලා තිබුනේ යුරේනිගේ පෑන්ටිය ගැන ලියපන් මාතේ කියලාය. ඔය ගැන ලියන්නේ නැතෙයිම කියා හිතාගෙන හිටියත් පොඩි කික් එකක් ආවේ, එකෝමත් එක රටක ඈත අතිතයේ බොගක් දමමින් සිට, අද බුකියට ඇබ්බැහිවි නන්නත්තාර වී සිටිනා උදිත මීගහතැන්නයා ඉස්ටේටස් එකක් කොටලා තිබුන නිසාය. ඌ ලියලා තිබුනේ, යුරේනී, සී තෲ පෑන්ට්ස් වලට, යටට අඳින්න ඕන එක දන්නේ නැතෙයිය. එහෙම අඳිනවා නම් අඳින්නට ඕනා තොන්ග්ස් (Thongs) පෑන්ටීස්ය කියලාය.

ඌ කියනා කතාව සහතික ඇත්තය. යුරේනී තොන්ග්ස් එකක් ඇඳගෙන උන්නා නම් මේ කේස් එක අවුලක් නොවන්නට තිබුනි. තොන්ග්ස් ගැන ඉතරක් නොව පෑන්ටි ජාති රාසියක් ගැන මාතලන් කාලෙකට කලින් බොග් පෝස්ට් එකක් දැම්මේය. බලන එකෙකුට ඒක මෙතනින් බලා ගන්නට පුළුවන්ය.

පට්ට සීන් එක කියන්නේ, ළිපියක් ලිව්වා නම් ලියන්නට උන්නේ, මේකේ ඇති වැරද්ද අහවල් එකද කියලාය. මොකෝ යුරේනී යටට ඇඳලා උන්නේය. වැරද්ද තියෙන්නේ අඳින්නේ නැතුව උන්නා නම්ය. අනික වැහෙන්න ඕන තැන් පෑන්ටියෙන් ඉතරක් නොව සීතම්බර සළුපටෙනුත් වැහිලා තිබුන නිසාය. ලිව්වේ නැත්තේ හොඳ වෙලාවටය. අන්තිමේ යුරේනි නොෂිකා රසිකයින්ගෙන් සමාව ඉල්ලනවාය. අපි යුරේනිට කඩේ ගියානම් හෙම අපිට වෙන්නේ ජොකාගේ හත් පොලේම ගා ගන්නටය. දැන් ප්‍රශ්ණේ තියෙන්නේ යුරේනි සමාව ඉල්ලුවේ ඇයි කියලාය. 

මාතලන්ට නම් යුරේනිගේ සුන්දර සැක්සි ඇස් දෙක ඇර, ගන්නට වෙන දෙයක් නම් නැතිය. කරුමේ කියන්නේ, යුරේනී ෆීල්ඩ් එකට එන්නේම කොම්පටිසොන් එකකින් වින් කොරලාය. ඊට පස්සේ එයා ඉන්ටර්නැසොනල් එකකටත් යනවාය. ඒවාගේ ඉන්න ගිනි කිකිලියෝ අස්සේ, අපේ මේ කෙරවක්කෝ (කොරවක්කාගේ ඉස්තිරි ලිංග පදේ) කොර වෙලා, නෝන්ඩි වෙලා, පච වෙලා, පලවෙනි වටෙන්ම හැලිලා යනවාය. මුන් දකින සුද්දෝ හිතන්නේ ලංකාවේ ඉන්නේ ඉතියෝපියාවේ වගේ වැද්දෝ කියලාය. ඒත් ලංකාවට ඇවිත් රවුමක් ගැහුවාම උන්ට ඇත්ත කතන්දරේ තේරෙනවාය. 

අපේ ජජ් බෝඩ් වල ඉන්නා මහත් හොරු බියුටි කියලා තෝරන්නේ, නියමිත ප්‍රමිතියේ අඟ පසඟවත්, උස මහතවත්, ටැලන්ට් එකවත් නොව, ඔක්කෝටම කෙලින්න පුළුවන් කෑල්ල මොකක්ද කියලාය. ඒක නිසා කොම්පොටිසොන්වල හැමදම තේරෙන්නේ ඉන්නා හොඳම යකාය. ගින්දර වගේ කෑලී, අළු කෑලී වගේ හැලිලා යනවාය, සම හරක් උන් නම්, ගේම ඇදල ක්‍රවුන් එක දාගන්නවාය. අනික් උන්, උණු කඳුළු හල හලා, යකා ඔටුණු පළඳනවා බලාගෙන ඉන්නවාය. හොටු පෙරාගෙන බලා ගෙන ඉන්නවාය. අන්තීමට, ඔරොප්පුවටත් එක්ක, හොටු ඔක්කෝම දිනපු එකාගේ මූණේ අතුල්ලනවාය.

කොහොමින් හරි මොකක් හෝ ෆීල්ඩ් එකක ඔළුව ඔබා ගන්න ටැලන්ටඩ් එකා, ඊළඟට ඉස්ටාර් වෙනවාය. එහෙම නැත්නම්, හොඳ බර කාරයෙක් අල්ලගෙන සැටල් වෙනවාය. ඇනටර්ටේයින්මන්ට් ෆීල්ඩ් එකට සැට් වෙන ටැලන්ටඩ් එකා, නොම්මර එකේ දන්ත වෛද්‍යවරු වෙලා, බර කාරයන්ගේ දත් ගලවනවාය. අළුත්ම ට්‍රැන්ඩ් එක නම් පාතාලේ උන් වාගේ, පොලිටික්කෙකුගේ බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් වෙන එකය. ඒකෙන් පොලිටික්කාත් වැජබෙනවාය. නිලියත් මාරම කෑල්ලක් වෙනවාය. සම හරක්, නිලියන්ගේ තන වලට වෂී වී කෝච්චිත් නිලියගේ නමින් පුදා, ආදරයේ ටජ්මහල්, රේල් පීලී දිගේ තුන් වන වේදිකාවට එනවාය. සම හරක් ටැලිවොසොන් චැනල් හිටන් තෑගී වසයෙන් දෙනවාය.

දැන් ඉතින් ඔහේලා පඩත්තලයෝ වගේ, අනේ යූරේනිත් එහෙමද මෙයා කියා මාතලන්ගෙන් අහනවා හෙම නෙමේය. මම කියන්නේ මෙයින් සම හරක් උන් එහෙමයි කියලාය. මෑත කාළේ තිබුන හොඳම ඇල්ලිල්ල, නාමල් බේබිට අල්ලන එකය. ඒ කියන්නේ නිල් බලකායට සැට් වෙන එකය. ඕකට සැට් උනේ නිලියෝ ඉතරක් නෙමේය. නළු බට්ටෝ වගේම සම හරක් ක්‍රිකටර්ස්ලාත් නාමල්ට මදි නොකියන්න ඇල්ලුවේය. දැන් ඉතින් නාමල් කොළු කාරයෙක්ද කියා ආයෙත් අහන්න නම් එපාය.

මාතලන් හිතාගෙන උන්නේ, යුරේනී කියන්නේ රැඩිකල් නිලියක් කියලාය. එහෙම හිතුවේ එහෙව් එකෙක් දෙන්නෙක් දැන් ඉන්න උන් අතරේ ඉන්නා නිසාය. මොකෝ, එයා සෝ එකක ලිප් කිස් නොහොත් කට කන සීන් එකකට ඉඳලා කාළයක් සයිබරයේ රජ වෙලා උන්නු නිසාය. එයිට පස්සේ එයැයි කිව්වේ දැන් ඉන්න උන්ගේ අසහනේ නැති කරන්න නම් ප්‍රොස්ටිටියුසොන් ලීගලයිස් කොරන්නෙයි කියලාය. 

ඒත් එයා දැන් කියන්නේ, යාළු හිතමිත්‍රයොයි නෑයොයි ෆීල්ඩ් එකේ අයයි දොස් කිව්ව නිසා සමාව ගත්තාය කියලාය. දැන් එන්න වෙන්නේ උදිත මීගස්තැන්න මහතා මතු කල කාරනාවටය. ඒ කියන්නේ යුරේනි අඳින්න දන්නේ නැතෙයි කියනා කාරනාවටය. විසේසයෙන් සී තෲ පෑන්ට්ස් අඳිනා විට, යටට අඳින්නේ මොන ජංගි ජාතියදැයි කියා දන්නේම නැතෙයි කියනා කාරනාවටය. මම නම් කියන්නේ, තොන්ග්ස් එකක්වත් ඇන්දේ නැතිව උන්නා නම් අවුලක්ම නැතෙයි කියලාය. මොකෝ අපේ අති බහුතරය ඇඳුම් ඇන්දාට ජීවත් වෙන්නේ නිර්වස්තර යුගයේ නිසාය.

යුරේනී මේ කිට් එකම හෝ මේ ඉට්ටැයිල් එකම, කලිනුත් අඳින්නට ඇතිය. ඒත් පොටෝ එකක් ගහ ගන්න එක පඩත්තලයෙකුටවත් බැරි වෙන්නට ඇතිය. ඕක ඉතින් සමාජ ජාලාවල තියා ජාතික පුවත් පතේ මුල් පිටුවේ දැම්මත් අවුලක් නැතිය. මොකෝ ජාතික පුවත්පත් කියනා ඒවාවල ඉන්නේ සේයා දැරියගේ දාන්නම පොටෝ එකක් නැතිව, සිඟිති කකුල් පේනා පොටෝ එකක් දමා, ආතල් දුන්නා වූ උත්තම පුරුෂයෝ නිසාය. කොන්ඩයා සේයා දූෂණය කල ආකාරය තිර පිටපතක් මෙන් ජාතික යැයි කියා ගන්නා එකතරා ජාතියක පුවත් පත්වල පල සෙරේස්ඨ ජේස්ඨ කත්තුරු යුග පුරුෂයෝ ඉන්නා රටක නිසාය.

මාතලන්ට අප්සැට් එක තියෙන්නේ, මීටත් වඩා අවුල්ම අවුල් පොටෝ වලට ඉන්නා යුරේනී, මේ කුණු පොටෝ එකට කලබල උනේ මන්දැයි කියලාය. මොකෝ වීක් එන්ඩ් පත්තර වල ඇතුලේ තියෙනා ටැබ්ලොයිඩ් වල දැන් ඉන්නේ, ප්ලේබෝයි සඟරා වල මොඩල්ස්ලා වගේ ස්ත්‍රී නිමිත්ත හා කුක්කු තන් යාන්තම් වහ ගෙන ඉන්නා, පට්ට කෑලී නිසාය. ඉතින් එහෙම ඒවා තියෙද්දි, මෙහම සීන් එකක් යන්නේ, සමහර විට මේක එයාගෙම මාකටින් ගේමක් නිසාම වෙන්නටත් පුළුවන්ය. 

මොකෝ යුරේනී ඉතරක් නොව, අනෙක් කෑලී ඔක්කෝමත් දැන් ටී වී එකේ ඉන්නේ බේසික් ඉන්ස්ටික්ට් (Basic Instinct) සෝ එකේ, ෂැරන් ස්ටෝන් (Sharon Stone) ඉඳගෙන උන්නා වගේ නිසාය. මාතලන් බලාගෙන ඉන්නේ කොයි වෙලේ ඒ ස්වීප් ටිකට් එක ඇදෙයිදෝ කියලාය. ඒ නිසා යුරේනීලා ඔක්කෝටම කියන්නේ, බයියලා මක්ක කිව්වත් මතක ඇතිව යටට ජංගියක් ඇඳලා එන්නෙයි කියලාය..

මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය. අම්මට සිරි ගජ වෙලා, අපේ සඟිස්කුරුතිය හා සාරධර්ම රකිනා පින්බර උත්තම පුරුෂයෝ පොලු කෙලින් කොරාන සටනට බැස්සෝය. මොකෝ මුන් සංසර්ගයේ යෙදෙන්නේත් කළුවරේ නිසා, මෙහෙම කේස් එකක් දැක්කාම පොලු කෙලින් වෙලා, මුසපත් වෙලා, ශුක්‍ර මෝචනයට ඕන්න මෙන්න වගේ එන නිසාය. 

කට්ටියක් කිව්වේ, මෙයා යටට ඇඳලා නැතෙයි කියලාය. සම හරක් කිව්වේ, ජංගිය පේන්නා, අපේ අවුරුදු 2500 ක් තිස්සේ රන් අකුරින් ලියැවුනු ඉතිහාස පොතේ කවරේ දැලි ගෑවාය කියලාය. මේ මහදැනමුත්තලාට අමතක උනේ, සාලියගේ කෑල්ල ඉන්නේ උඩට අඳින්නෙත් නැතිවෙයි කියලාය. සීගිරියේ අයටත් බැසියර් නැතෙයි කියලාය. නාලන්දා ගෙඩිගේ හැමිනෙන රූප හිටන් තියෙනවා කියලාය. 

අන්තීමට සිද්ද උනේ, ඒ කෑල්ලට ඇක්ටින් තියලා ගෙදර යන්නටය. ඕන් එතකොට අපේ අයට මාරම ත්‍රිල් එකක් ආවෙය. මොකෝ මුන්ට ඕනා කාට හරි හිතෙන් හරි කෙලින්නට නිසාය. ඒ කියන්නෙ කාට හෝ කෙලෙවලා යන තරම් සොමියක්, අපේ උන්ට වෙන නැති නිසාය. දැන් දශක ගනන්ක් ගොසින් වත්මන් පරපුරේත් ඉන්නේ එයිටත් අන්ත ගොබ්බයෝය

සේයා ඝාතනයට සම්බන්ධ නැති උන් පවා පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ හරක් සැට් වෙලා එල්ලන්න හදන්නේ ඒ නිසාමය. අපිට ගහන්න බැරි උනාට, නානසාර හරි, තම්බි එකෙක් දෙන්නෙක් මරණවා නම් අපිට මාර ආශික්ය. කරුමය කියන්නේ රැඩිකල් කියා අපි හිතාගෙන ඉන්නා උනුත්, විමල් වීරවංශ, මංගොනාපිල, අමරසේකර දත් දොස්තර පරපුරේ නැට්ට හැලුණු නැති රිලවුන් සද්දයක් දැම්මාම, බය වෙනා එකය.

මුන් නොදන්නේ එකම දේ සුද්දෝ නැත්නම් ජංගි තියා බැසියර්වත් නැතෙයිය කියනා එකය. කොටින්ම මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය. අදටත් මේ රටේ, වැලේ වනා තිබෙනා ජංගි උස්සනා ජංගි හොරු මෙන්ම, ජංගියක් දැක්කත් මල්ලිට ලූස් මෝසන් හැදෙනා උන් ඉන්නා එක, සයිබරයෙන්ම පේනවාය.

එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට, යුරේනිගේ ජංගියත් මාර ටොපික් එකක්ය. පෝස්ට් දාලා, ඉස්ටේටස් දාලා, ලැයික් කොරලා, කොහොම හරි බලන්නේ යුරේනිට කෙලින්නය. ඒ සල්ලි දීලාවත්, යුරේනිට ඇත්තටම කෙලින්න බැරි නිසාය. නිකං දුන්නොත් දෙමල පත්තරෙත් කියවනා අති සෙරේස්ඨ ජාතියට යුරේනී නොව කබ්බා කෑල්ලක් අහුවුනත් දෙන්න ඉන්නේ පට්ට ගහලා කොට්ට මහනා තරම් සික් එකේය. එහෙම ගටක් නැති උනාට, යුරේනිට ඉතරක් නොව, පබාටයි, අනර්කෙලිටයි, නදීසා හේමමාලිටයි, පබාටයි, ශෙරිල්ටයි, දුලානිටයි, තව ඉන්නා හැට හුටාමාරක් උන්ටයි, හිතෙන් කෙලලා, අතෙන් ගහලා, පොතේ දමලා (මූණූ පොත නොහොත් වත් පොතේ), ආතල් එකක් ගන්නවාමය.

ජංගි දැක්ක ගමන් පොලු කෙලින් කර ගන්නවාමය. ඕක බහින්න නම්, සමාව ගන්න ඕනය. එහෙම බැලුවාම යුරේනිත් කලේ මාර ආතල් ගේමක්ය.

අනේ සයිබරයේ පින්වත් මහතුනේ...., පුළුවන්නම් නෝටි ඇමරිකාවල ඉන්නා කෑලී වලටත් ජංගියක් හරි අන්දන්න ට්‍රයි කොරහල්ලා. අඩුම ගානේ අපේ සීයලා ඇඳපු අමුඩයක් වත්...

මොකෝ ඕකුන්ගේ මහ උන් තමා හයිබ්‍රිඩ් උසාවී දාලා මේ රට විනාශ කොරන්න හදන බටහිර ක්‍රමන්ත්‍රණ කරුවන්ගේ ලීඩර්ස්ලා...


මාතලන් | Maathalan


Share on Google Plus