මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්‍රිය ප්‍රශ්ණ කිරීම.


මහ මැතිවරණයකින් පසු පිහිටවූ හවුල් ආන්ඩුවට වසරක් පිරීම වෙනුවෙන් මාතර පැවති රැලියේදී ජනාධිපති තුමා පැවත්වූ කතාව මහත් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවාය. පසුගිය දින කීපයේ මාතලන් මේ පිළිබඳව දරන මතය, මධු සාදයන්හීද, බුකියේද, ඊ මේල් වලද දරුණු ලෙසම විවිවේචනයට ලක් උනේය. එයිටාමතරව ඒ පිළිබඳව මක්කා හෝ ලියන්නෙයි කියා ලැබුනු ඊ තැපෑල කීපයක්ද උනේය. 

මහින්ද මහත්තයා නව පක්ෂයක් එලි දැක්වූවොත් සියළුම රහස් එලියට දමා පාරක් පාරක් ගානේ යෑමට සලවනවා කියා දුන් වෝනින් එක මේ ප්‍රශ්ණයේ මුල වෙලා තියෙනවාය. මෙය යහපාලන ප්‍රකාෂයක් නොවනා බවද, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාෂයක් නොවනා බවද කියන පිරිසක් සිටිනාතර. මේ පිලිබඳව සතුටු වන පිරිසක්ද සිටින්නේය. මෙයට විරුද්ධ වන හා හෙලා දකින පිරිස ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදා වෙන් කල හැක.
  • මහින්ද නැවත බලය ලබා ගනී යයි බලාපොරොත්තු තබාගෙන සිටිනා, අන්ත අසරණ වහල් බයියන්.
  • පොදු අපේක්ෂකයා බලයට පත් කලද, බයියන්ගේ බේගල් වලට රැවටී, රට අගාධයකට යැයි කියා සිතනා මෝඩ "සිංහ ලේ" ටොයියන්.
  • ආන්ඩුව ආර්ථික වශයෙන් හා කළමණාකරනයෙන් දුර්වල යැයි සිතනා ටොයියන් (එහෙම පොඩි කේස් එකක් තිබිනි)
  • අමුම අමු මෝඩයන් පිරිසක් වන, සුනු විසිනු කල ආර්ථිකයක් මැජික් එකකින් මෙන් වසරක් දෙකක් තුල ගොඩ නගා සිටුවිය හැකි යයි සිතනා ළිං මැඩියන්. (විප්ලවයන් වලින් රටවල් ගොඩ ගැන්මට ඊට වඩා කාළයක් ගතව ඇත.)
  • එලොවටත් මෙලොවටත් නැති පුක සේදීමට පමණක් භාවිතා කරනා වමක් ගැන සිහිණ මවනා, කියුබානූ සහෝදරයින්.
  • ගල් යුගයේ ජීවත් වන, අයිස් ගසමින් ආන්ඩුවේ පින් පඩි කන යුනියන් මාෆියාව හා කාළකන්නි නිළධාරින්.
     
මේ සියළුම පිරිස් එක පොදු සාධකයක් තුලදී එකම පිරිසක් බවට පත් වෙනවාය. ඒ මේ සියල්ලන්ම ජීවත් වන්නේ "යහපාලනයක්" තුල නොව, "මහින්ද ෆැන්ටසිය" තුල වීමය. හවුල් ආන්ඩුවේද ගතින් සිරිසේනට පෙම් කලද, සිතින් මහින්ද හා සිටින පිරිස ප්‍රමාණයෙන් බොහෝ වැඩිය. උන් එකෙක්වත් මහින්ද ගැන කෙල පිඩක් බිම හෙලන්නේ නැත්තේ ඒ නිසාය.

Cartoon by - Janaka Ratnayake
මේ සියළු දෙනාම සිතාගෙන සිටින්නේ, තවමත් මේ රටේ ජනාධිපති මහින්ද මහත්තයා කියලාය. එයට හේතූන්ද බොහෝය. ප්‍රධානම හේතුව, මහින්ද තවමත් එසේ සිතා සිටීමය. ඒකට කියන්නේ මහින්ද ෆැන්ටසිය කියායා. මහින්ද ෆැන්ටසිය තුල, මෛත්‍රීය පතුරුවනා ජනාධීපති, හාල්පාරුවෙක්ය. වඩාත් ජනප්‍රිය රූපවාහිනි තුලද, පුවත්පත් වලද, අදටත් ඉන්නේ මහින්ද මහත්තයාය. ඒ බව ආමන්ත්‍රණය තුලම පැහැදිලිව තිබෙනවාය. ඒවා ජනපති මාධ්‍ය ඒකකයේ ගොන් කම් මිස, මහින්ද මහත්තයාගේවත්, පොල්පිති මාධ්‍යකරුවන්ගේවත් වරදක් නොවේය. උන්ට වත්මන් ජනාධිපති තුමා පක්ෂයේ සභාපතිය. මහින්ද මහත්තයා ජනපතිය. 

ඉදින් මාතරදි සිඳුවන්නේ කුමක්ද? මෙන්න මේ මාතලන් කලින් සඳහන් කළ "මහින්ද ෆැන්ටසිය" කුඩේ කුඩු වීමය. මුන් හැම එකාම හිතාගෙන හිටියේ චන්ඩියා මහින්දෙයි කියලාය. මෛත්‍රීපාල මහින්දට බය කොන්ද පණ නැති, හරියට අඳින්න දන්නේ නැති, කන්න දන්නේ නැති, නෝනජල් පොරක් කියාය. පක්ෂයේ නායකයා පමණක් නොව රටේද නායකයා පාද යාත්‍රාවේදී ආප්පයා වන්නේ ඒ නිසාය, රනිල් සමඟ නිදි වදිනා පොලොන්නරුවේ කලවැද්දා වන්නේ ඒ නිසාය. ඒවා කියලාත් කට පුක වහගෙන උන් නිසා මුන් ටික උන්නේ පුක චූන් වෙලාය. ඒ හේතුවෙන්ම, මුන්ගේ පිලේ මිනීමරුවන්ට කෙලවන, අතුරුදන් උන් සෙවීමේ මණ්ඩලේට විරුද්ධව ඒකාබද්ධ මළබද්ද මණ්ඩලේ පාර්ලිමේන්තුවේ තප්පුලන්නේය. පාද යාත්‍රාවේ ස්ලෝගන් උන් උත්තරීතරයයි කියනා පාර්ලිමෙන්තුවෙත් කිසි බයක් හැකක් නැතිව ඇදලා අරින්නේය.

මහින්ද හා එකාබද්ධ මලබද්ධයේ ඉන්නේ මක්කුන්ද? තනි පක්ෂයකින් තරඟ කොට කිසි දිනෙක සමූපකාරයකටවත් පත් විය නොහැකි ත්‍රී වීල් පක්ෂ නායකයන්, කම්බා හොරුන්, ඩේට් එක්ස්පයර් අන්තඃපුර ළඳුන්, දූෂිතයින් හා නාමල් කුමරාගේ අන්තේවාසිකයින් පිරිසකි. ඇත්තටම මේ පිරිස වෙනම සිටීමෙන් ජාතික යුතුකම් දෙකක් ඉටුකරමින් සිටී, එකක් නම් මක්කා කොලත් විපක්ෂයේ කාර්යභාර්ය ඉටු කරනා එකය. අනෙක් නම් මේ ආන්ඩුවට හේත්තු වී ජාම බේරා නොගන්නා එකය. ඇත්තටම මුන් ටිකත් ආන්ඩුවට එක් වූවා නම් සිඳු වන්නේ කුමක්ද?

FCID ය මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ කොමිසම, ජාධිපති විමර්ෂණ කාර්යාලය පමණක් නොව අතුරුදන් උන් සෙවීමේ මණ්ඩලයද වසා දැමීමට සිඳු වීමය. ආන්ඩුවට සම්බන්ධ වීමේ පිනෙන් මුන් හා එක් වී මේ රටේ ධනය හොරා කෑ නිළධාරි පිරිසද කිසි අවුලක් නැතිව ගේම ඉදිරියටම ගෙන යාමය. එහෙම ආවා නම් ආන්ඩු වෙනසෙන් ඇති ඵලක් තිබේද?

ජනතාවට උවමනා වී තිබුනේ මහින්ද රෙජිමය ගෙදර යැවීම පමණක් නොවේ. මහින්ද පාලනය තුල මේ රටේ සෑම තැනම ව්‍යාප්ත වූ ඒ කාළකන්නි සංස්කෘතියද මුලිමනින්ම අතු ගා දැමීමය. උන් සම හරක් ආන්ඩුව අස්සේ දාගෙන කරන්නේ, ඇත්ත වශයෙන්ම ජනතාවට ද්‍රෝහී වීමය. වෙනසක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන් උන්ගේ කළකිරීමක් ඇතිවනවා නම් ඒකත් සාධාරණය. 

නමුත් මුන් ඔක්කෝටම අමතකව ගිය මාතලන්ට පමණක් මතක තිබු දෙය වූයේ, නම මෛත්‍රී වූවද, මෛත්‍රීපාල සිරිසේන යනු ලංකාවේ විධායක ජනාධිපති කියනා එකය. කිසිවකුත් නොසිතූ පරිදි ගේම පටන් ගන්නේ පාද යාත්‍රා ඕගනයිස් කරපු ශ්‍රී ලංකා එකේ සීනියර් උන් පිරිසකට පුකට පයින් ගසා එලවා, උන්ගේම ගෝලයන්ට ආසන සංවිධායක කම් දිස්ත්‍රික් නායකකම් දීමෙන්ය. ඉන් පස්සේ අන්දුන් කුන්දුන් වෙලා, පිස්සු පීකූදු වෙලා, මස්තබාල්දු වෙලාම යන්නේ, මාතර දුන්න ප්‍රජාචන්ච්‍ර විරෝධි ටෝක්ස් එකෙන්ය. දැන් ඉතිරි උන් කරන්නේ, පුකට පයින් ගසා එලවන්නට පෙර ගරු නම්බු ඇතිව ඉල්ලා අස්වීමය. එහෙම අස් උන දෙන්නා නිසා සමහර විට ශ්‍රීලනීපය නැති භංගස්ථාන වෙලා යන්නත් ඉඩ තියෙනවාය. 

Cartoon by - Awantha Artigala
මාතලන් මුල ඉඳන් කිව්වේ, ප්‍රජාතන්ත්‍රවාදය කියා හරියට කියන්නවත් බැරි එකාධිපතියන්ට මෙන්ම, මෙවන් පට්ට ගෝත්‍රිකයින් පිරිසක් සිටිනා රටකට ඕනා ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැතෙයි කියලාය. හැම දාම කී අනෙක් කාරණය වූයේ ජනාධිපති කම් තියාගෙන ඔහොම ඉන්නවා නම්, ජනාධිපති කමට දවසක වෙන්නේ, ගමේ ගෑණූ නයා අරගෙන දරමිටි ගැට ගහපු වැඩේ වෙයි කියලාය. මහින්ද ෆැන්ටසිය තුල ජීවත් වූ උන්ද හිතාගෙන උන්නේ එහෙම්මමය.
 
ජනාධිපතිගේ ප්‍රකාෂයේ ප්‍රජාතන්ත්‍රවාදය සැසඳිය යුත්තේ ඔහු තර්ජනාව එල්ල කළ පිරිසට සාපෙක්ෂවය. මා මගේ සියළු මිතුරන්ට කීවේ මහින්දට දෙන්න ඕනා මහින්දගේ බෙහෙත් කියලාය. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවුනත් එයින් මහින්දගේ ලෙඩේ සනීප වෙනවාය. හරියට ප්‍රභාකරන්ට දුන්නා වාගේය. ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදයෙන්ම දුන්නා වාගේය. ජනාධිපති තුමා නොකීවාට ඔය සියළුම රහස් ජනතාව දැන ගන්නවාය. ඒ බව තේරුම් ගිය මහින්දගේ රැස්පොට් බැහපු බවකුත් පේනවාය. අද මහින්දට තිබෙනා ප්‍රශ්ණය අතුරුදහන් උන් සෙවීමවත්, එට්කා අස්සන් කොරනා එකවත්, සයිටම්වත්, හමුදාවේ උන් හිරේ යන එකවත් නෙවේය. රටට හෙන ගැහුවත් එයාලාට අවුලක් නැතිය. හොරා කෑ සල්ලි ටික බේරා ගන්නේ කෙසේදෝ කියනා එකය.

ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහිටුවා ගන්න දෙන්නේ නෑ කියනා එක නෙමේය. පුළුවන් නම් පිහිටුවලා, දිනලා පෙන්නන්නෙයි කියලාය. ඔය ප්‍රාදේශීය සභාවල කෑ ගහන්නේත් ප්‍රාදේශීය කම්බා හොරුය, ගමේ අය උන්ගේ කැරැක්ටරේ හොඳට දන්නවාය. උන් වැජඹුනේ මහින්දගේ බැසිල්ගේ කටු කාලාය. හොරා කෑමේ යාන්ත්‍රනයේ කෙලවර උනේ ඔතනය. ඒ නිසා ඔය කාළකන්නි කොල පිච්චුවාට, ගමේ උන් බලාගෙන ඉන්නේ චෑන්ස් එකක් හම්බ උනොත්, ඕකුන් පණ පිටින් පුච්චන්නය. මේ හම්බ උන චැන්ස් එකෙන් කල යුත්තේ පක්ෂය පිරිසිඳු කර ගන්නා එකය.

මහින්ද ෆැන්ටසිය කුඩු කර දැම්මාට අපේ ගෞරවය කිසි ලෝස් එකක් නැතිව මෛත්‍රි මහතාට දෙනවා හිටංය. ඔය කියන විදියටම ප්‍රජාතන්ත්‍රවාදි වෙනවා නම්, අයිසිස් කාරයෝ මෙහේ ඇවිල්ලා පක්ෂයක් පිහිටුවන්න හැදුවොත් ඒකටත් අවසර දෙන්න වෙනවාය. ඇල් ටී ටී එක පක්ෂයක් ලෙස පිලිගන්නෙයි කිව්වොත් ඒකත් පිලිගන්න වෙනවාය. ප්‍රජාතන්ත්‍රවාදේ අපට දැන්ම ඕනා නැතිය. ඉස්සෙල්ලා රට හැදිය යුතුය. ජනතාව දිනා ගත යුතුය. සමෘධිමත් කල යුතුය. ඔය වාදේ ඊට පස්සේ දුන්නාම ඇතිය. ඔය ඒකාධිපති ෆැන්ටසි මාෆියාව කුඩු කලාක් මෙන් තවත් කුඩු කර දැමිය යුතු මාෆියාවන් හා ෆැන්ටසි කීපයක්ද තියෙනවාය. ඒවාටත් ඔය බේතෙන්ම දෙනවා නම් හරි අගේය.

මාතලන් | Maathalan


Share on Google Plus

0 comments:

Post a Comment