මහින්දානන්ද නාවලපිටියෙන් සමුගනී.


තමන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

එම ඉල්ලා අස්වීමේ තීරණය ඉතා ඉක්මනින් ගන්නා බවත් දැනට සංවිධායක ධුරයන්ගෙන් නෙරපා නැති ඒකාබද්ධ විපක්ෂයේ ශ‍්‍රිලනිප ආසන සංවිධායකවරුන් 12 දෙනා සමග සාකච්ඡුා කරමින් සිටින බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා කලවාන ශ‍්‍රීලනිප සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම එහි එක් බවද මන්ත‍්‍රීවරයා කෙසේ වෙතත් පක්‍ෂය විසින් ඊට පෙර තම සංවිධායක ධුරය අහිමි කළහොත් නිහතමානීව එය පිළිගැනීමට සූදානම් බවද කීය.

Share on Google Plus

0 comments:

Post a Comment