'LTTE සාමාජිකයින් 107කගේ අභිරහස් මරණ' ඇතුළත් "අද යාපනය" : Exclusive

මෙරට ප්‍රථම වරට යාපනය ප්‍රදේශයේ ප්‍රකාශයට පත්වන ප්‍රධාන පුවත්පත් වල විශේෂ පුවත් සියල්ල සිංහල බසින් කියවීමට Info Sri Lanka News වෙබ්අඩවිය තුලින් ඔබට අවස්ථාව ලැබේ.


උදයන් පුවත්පත් සිරස්තල 2016.08.10 වන දින

1. කිළිනොච්චි ප‍්‍රදේශයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යන කරණවෑමී හල් වෙතින් ඉතා අඩු මුදලකට කොණ්ඩය කැපීම හේතුවෙන් කිළිනොච්චියේ පුද්ගලික කරණවෑමී හිමියන් පාඩු ලබන බැවින් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසා ඇත.

2. යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට 2016.08.09 වන දින කිළිනොච්චිය සහ වවනියාවත් අතර ප‍්‍රදේශයේදි පුද්ගලයින් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ලකර ඇති අතර, දුම්රියේ ගමන් ගත් පුද්ගලයෙකුගේ හිසට ගලක් වැදී රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහු මියගොස් ඇති බව සදහන් වේ.

3. අත්අඩංගුවේ සිටි LTTE සාමාජිකයින් හට විෂ එන්නත් ලබාදි ඇති බව පැවසිම බොරුවක් බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් පවසා ඇත.

4. ඉන්දියාමේ සිට නෙධුන්තිම් මුහුදු තීරයට ඇතුලුවු ඉන්දිය ධීවරයින් සිව් දෙනෙකු 2016.08.09 වන දින නාවික හමදාව වීසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

5. කිළිනොච්චි කන්නගි අම්මාන් කෝවිල පිහිටා ඇති ඉඩම අසල බෞද්ධ වීහාරයක් ඉදිකිරිම බෞද්ධ ආගමට නිගාවක් බව කිළිනොච්චියේ සංචාරයක නිරතවු වීමලරතන හිමි පවසා ඇති බව සදහන් වේ.

6. අතුරුදහන් වුවන් පිළිබඳව කථාකිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිම අයිතියක් නැති බව නුවර පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍ය මනෝගනේෂන් මහතා වීසින් පවසා ඇති බව සදහන් වේ.

       
වාලටීපුරි පුවත්පත් සිරස්තල 2016.08.10 වන දින

7. පුන්කුඩුතිව් පාසැල් සිසුවිය විද්‍යා ඝාතනය කිරිම සම්බන්ධව දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 12 දෙනා 2016.08.23 වන දින දක්වා යලි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඌර්කාවත්තුරේ අධිකරණ විනිසුරු රියාද් මහතා විසින් 2016.08.09 වන දින නියෝග කර ඇති බව සදහන් වේ.

8. මල්ලාගටී සුරාබදු නිළධාරින් විසින් 2016.08.09 වන දින කේරල ගංජා කිලෝ 2 ක් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

9. පුනරුත්ථාපනය ලැබීමෙන් පසු නිදහස ලබා සිටි LTTE සාමාජිකයෙක් හදිසියේ රෝගාතුර වීමෙන් යාපනය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව දින 14 කින් පසු මියගොස් ඇති බව සදහන් වේ.

10. පුනරුත්ථාපනය ලැබිමෙන් පසු හදිසියේ මිය යන LTTE සාමාජිකයින් ගැන විශේෂ පරික්‍ෂණයක් හා විශේෂඥ වෛද්‍ය පරික්‍ෂණයක් පවත්වන ලෙසට යාපනයේ ජනතාව උතුරු පළාත් මහ ඇමති සිවී විග්නේශ්වරන් මහතාගෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන් වේ.

11. දැනට දෙදින නිළ සංචාරයක නිරතව සිටින පාකිස්තානයේ  ගුවන් හමුදාපති එයාචීප් මාර්ෂල් සොහායි අමාන් මහතා අගමැති සහ ආරක්‍ෂක නිළධාරින් සමග 2016.08.09 වන දින කොළඹදි විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව සදහන් වේ.

12. ශ‍්‍රි ලංකා යුධ හමුදාමේ ජේ්‍යෂ්ඨ නිළධාරියෙකු වන මේජර් ජෙනරාල් මිලින්ද පීරීස් මහතා අද දින විශ‍්‍රාම යාමට නියමිත අතර, කොළඹ යුධ හමුදා මුලස්ථානයේදි ඔහු විශේෂ රාත‍්‍රි භෝජන සංග‍්‍රහයක් සදහා සහභාගි වීමට නියමිත බවත් සදහන් වේ.


තිනකුරල් පුවත්පත් සිරස්තල 2016.08.10 වන දින

13. අවසන් සටනේ දි යුධ හමුදාව වෙත භාරවු LTTE සාමාජිකයින් පුනරත්ථාපනය ලැබිමෙන් පසු දැනට 107 දෙනෙකු හදිසියේම මියගොස් ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍ය පි සත්‍යලිංගටී මහතා විසින් පවසා ඇති බව සදහන් වේ.

14. පුනරුත්ථාපනය ලබමින් සිටි අවස්ථාවේ LTTE සාමාජිකයන් හට ලබාදි තිබෙන මෙම එන්නත පිළිබඳව විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙස උතුරු පළාත් සභා සාමාජික ඥානශීලන් මහතා රජයෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන් වේ.

© Info Sri Lanka News

Share on Google Plus