සරුංගල් නූලට බෙලි කැපී ඉන්දියානුවන් තිදෙනෙක් නසී.


වීදුරු කුඩු ආලේපනයක් සහිත නූල් යොදාගෙන ඉන්දියාවේ සිදුකරන සරුංගල් යැවීම හේතුවෙන් එම නූල්වලට බෙලි කැපී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ නිදහස් දිනය නිමිති කරගෙන සරුංගල් යැවීම විලාසිතාවක් බවට පත්ව ඇති වාතාවරණයක මෙම අනතුරු සිදුව ඇති අතර, මිය ගිය අයගෙන් දෙදෙනෙකු කුඩා දරුවන් බවද කියැවෙයි.

සාන්චි ගොයාල් නමැති 3 හැවිරිදි දරුවෙකු සහ හැරී නමැති සිව්හැවිරිදි දරුවෙකු මෙසේ සරුංගල් නූල්වලට ගෙල සිඳී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඔවුන් තම මෝටර් රථයේ කවුළුවෙන් එළියට හිස දමාගෙන දිල්ලි නුවර සිරි විඳිමින් යන අවස්ථාවේදීය.

මීට අමතරව, යතුරුපැදියක ගමන් කළ සෆාර් ඛාන් නමැති 22 හැවිරිදි තරුණයෙකුද මෙම සරුංගල් නූලක් හේතුවෙක් ගෙල සිඳී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ ආකාරයෙන් වීදුරු කුඩු ආලේපිත නූල් යොදාගෙන සරුංගල් යැවීම සිදුකරන්නේ ප්‍රතිවාදී සරුංගල් බිම හෙළීමට වුවත්, අවසානයේදී මෙය ජීවිත හානා හා තුවාල සිදුකරන දැවැන්ත අනතුරක් බවට පත්ව ඇති බව කියැවෙයි.

Share on Google Plus

0 comments:

Post a Comment