බැසිල්ගේ ගෝලයා ඇද ගෙන නා ගනී.


තමා ‘නූතන ජෙෆ්රි බාවා' යනුවෙන් ඔහුම හදුන්වා ගන්නා ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි, සිය එක් ස්වාමියෙකු වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂව නැවත වතාවක් ලිඛිතවම පාවාදී තිබේ. ඔහු මෙම වතාවේ බැසිල් සම්බන්ධයෙන් එකී පාවාදීම සිදුකර ඇත්තේ FCID ට හෝ  අධිකරණයට නොව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටය.

බැසිල්ට අයත් කුප්‍රකට මල්වාන ඉඩමේ හා මාතර බ්‍රවුන්ස් හිල් ඉඩමේ ගොඩනැගිලිවල ගෘහනිර්මාණ ශිල්පියා වන මුදිත ජයකොඩි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එම ඉඩම් තමන්ගේ බව අගවමින් සාවද්‍ය තොරතුරු සපයා පසුව එය එසේ නොවන බව අනාවරනය වූ විට ඊට සමාවී තමා වැඩිපුර ගෙවන ලද ආදායම් බදු මුදල් නැවත තමා වෙත ලබා දෙන ලෙස (Tax refund) පහත ලිපියෙන් ඉල්ලා ඇත.

මෙසේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට වැරදි තොරතුරු සැපයීම, දේශීය ආදායම් බදු පනත යටතේ සිරගත කිරීමක් හෝ දඩ නියම කිරීමක් යන දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදක් බව, තමා අග්‍රගන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියෙකු බවට පාරම්බාන මුදිත ජයකොඩි නොදැනීම හාස්‍යට කරුණකි.

මේ පිළිබඳව අපට තොරතුරු හෙලිකළ ආදායම් බදු දෙපාර්තමේන්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර සිටියේ ‘මුදිත බැසිල්ට කැපූ වලේ ඔහුම ඇද වැටී ඇති බවයි'.

මෙම ලිපියේ බැසිල්ගේ නමක් සඳහන් නොවූනද මුදිත ජයකොඩි FCID වෙත කළ දීර්ඝ ප්‍රකාශයේදී තමා බැසිල්ගේ කළු සල්ලි සුදු කිරීම සඳහා පෙරකලාසි කරුවෙකු (Proxy Holder) ලෙස ක්‍රියා කළ බව එලිදරව් කොට තිබේ. එමෙන්ම අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව මුදිත ජයකොඩි පූගොඩ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපොච්ඡාරණයේදීද තමා බැසිල් වෙනුවෙන් කළ වරද පිළිබඳව ප්‍රකාශ කොට ඇත.

බැසිල් රෝහණ රාජපක්ෂට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ගොනු කළ නඩුවේ අපසහායකයෙකු (Accomplice) වන මුදිත ජයකොඩි මේ වන විට රජයේ සාක්ෂිකරුවෙකු වී සිටී.

ළඟදීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත මුදිත ජයකොඩිගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙලිදරව් කරවා ගැනීමට යන්නේ ලිපියේ සඳහන් මෙම තැනැත්තා කවරෙකුද යන්නයි. කෙසේ වෙතත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් මුදිත ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට නියමිත වේ.

මුදිතගේ නමින් ඇති අක්කර 16 ක් පමන වූ මල්වානේ ඉඩම පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඇරඹීම සඳහා පවරා ගැනීමට නියමිත වුවද එසේ පවරා ගැනීමට නොහැකි බව නීතිපතිවරයා රජයට දන්වා තිබේ. නමුත් වරදෙන් බේරීම සඳහා මුදිත ජයකොඩි මල්වානේ ඉඩම රජයට පරිත්‍යාග කිරීමට සූදානම් බව දන්වා ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment