කහටගහ පතල බලහත්කාරයෙන් විකිනීමට සැලසුම්.


කහටගහ මිණිරන් පතල බලහත්කාරයෙන් ලංකා ග්‍රැෆයිට් ආයතනයට විකිනීමට ආන්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, කහටගහ පතල සභාපති හා ලංකා ග්‍රැෆයිට් ආයතනියේ නියෝජිතයින් එක් වී ඊයේ (26) මේ සඳහා වූ මූලික සාකච්ඡාවක් අරලිය ගහමන්ධිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.

කහටගහ පතලේ 49%ක කොටස් ලංකා ග්‍රැෆයිට් ආයතනයට ලබා දීමට සාකච්ඡා වී තිබේ.

මෙම මිණිරන් පතල ලංකාවේ වැඩිම ආදායමක් උපයන සාර්ථකම පතල වන අතර එය මේ වනවිටත් මහා භාණ්ඩාගාරයට ලාභාංශ ලබා දෙන රජයට කිසිඳු බරක් නොවී සේවකයන්ගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ මනා කැපකිරීමක් තුළ පවත්වාගෙන යන ආයතනයකි.

මෙම පතල වසා දමා තිබියදී 2006 වසරේ නැවත ආරම්භ කළේද ආණ්ඩුවෙන් කිසිඳු ප්‍රාග්ධනයක් නොමැතිව වන අතර මේ වනවිට එය උසස්ම තත්වයේ පවත්වාගෙන යමින් සිටී.

සේවකයන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි කැපකීම් මැද පවත්වාගෙන ආ මෙම ආයතනය මෙසේ විකුණාදැමීමට ගෙන ඇති තීරණයට සේවකයින් හා අධ්‍යක්ෂ මණ්ඩලයද දැඩි සේ සිය විරෝධය පළ කර තිබේ.

මේ සිදුවෙමින් පවතින්නේ කිසිඳු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක රටට මූල්‍යම ලෙස ඉහළ වාසි අත්කර දෙමින් ඇති මිණිරන් පතල බලහත්කාරයෙන්ම විකුණා දමා නැවත වරක් එය වසා දැමීමට යැයි වෘත්තීය සමිති නායකයෝ චෝදනා කරති. 

ආණ්ඩුවෙන් ශත පහක හෝ මුදල් මේ සඳහා ලබා නොගෙන මහා භාණ්ඩාගාරයට ලභාංශද ලබා දෙමින් ඇති තත්වයක් යටතේ මෙය කර්මාන්තයක් ලෙස සංවර්ධය කිරීමට කටයුතු නොකර මෙසේ බලහත්කාරණයෙන් විකුණාදැමීමට සාකච්ඡා කිරීම තුළින්ම පෙන්නුම් කරන්නේ තව දුරටත් විකිණීම හැර රටේ සම්පත්වලින් නිශ්පාදන ක්‍රියාවලිට අත ගලැසීමට කිසිඳු වැඩපිලිවෙලක් මෙම ආණ්ඩුවටද නොමැති බව යැයි සේවකයෝ චෝදනා කරති.

Share on Google Plus

0 comments:

Post a Comment