ඒකාබද්දයේ මන්ත‍්‍රී ධුර අහෝසි වෙයි? - Info Sri Lanka News | Sinhala

ඒකාබද්දයේ මන්ත‍්‍රී ධුර අහෝසි වෙයි?


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ නායකයා ලෙස නොපිලිගන්නා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයන් අහෝසි වනු ඇති බව හිටපු ඇමති මිල්රෝයි ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම කටයුත්ත නීත්‍යානුකූල දෙයක් බවද පවසන ඔහු ඉදිරි කාලයේදී එම කටයුත්ත සිදුවනු ඇතැයිද සඳහන් කරයි.

අතීතයේදීද හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතාට විරුද්ද වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ මන්ත‍්‍රී ධුර අහෝසි වූ බවද ඒ මහතා සිහිපත් කරයි.

Share on Google Plus