ඒකාබද්ධ විපක්ෂයේ තීන්දුව අඟහරුවාදා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වනවාද නැද්ද යන්න ගැන අවසාන තීන්දුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ලබන අඟහරුවාදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවෙන් පසුව ගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන එ.ජ.නි.ස. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ශ්‍රී.ල.නි.ප.යේ පාක්ෂිකයන් අතර ජනප්‍රිය සහ ඡන්ද ලක්ෂ ගණනින් ගත් ආසන සංවිධායකවරුන් ඉවත් කර වෘත්තීය සමිතියක ඡන්ද දෙසීයක්වත් ගත නොහැකි අපේක්ෂකයන් ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමෙන් පක්ෂය දෙකඩ කිරීමේ වුවමනාව පක්ෂයේ ප්‍රධානීන්ට තිබෙන බව බැලූබැල්මට පෙනෙන බවද මන්ත්‍රීවරයා කීවේය.

ජනප්‍රිය ආසන සංවිධායකවරුන් ඉවත් කිරීම මගින් නව පක්ෂයක් බිහි කිරීමේ දිසාවට සැබෑ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් තල්ලු කොට ඇතිබවක්ද ගම්‍ය වන බවද වැඩි දුරටත් ශ්‍රී.ල.නි.ප. කුණ්ඩසාලය ආසනයේ හිටපු ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

මේ සම්බන්ධයෙන් අප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයෙන් එ.ජා.ප.යෙන් තරග කළ අපේක්ෂකයකු වන සරත් සන්දනායක ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරයකු ලෙස මෙවර පත් කර ඇති නිසා කිසි සේත්ම කුරුණෑල සම්මේලනයට සහභාගී විය නොහැකි බවයි. ඒ අනුව විශේෂ සාකච්ඡාවේදී සම්මේලනයට සහභාගී නොවිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

Share on Google Plus

0 comments:

Post a Comment