යාපනේ පත්තර සිංහලෙන් කියවන්න : Exclusive


මෙරට ප්‍රථම වරට අද සිට යාපනය ප්‍රදේශයේ ප්‍රකාශයට පත්වන ප්‍රධාන පුවත්පත් වල විශේෂ පුවත් සියල්ල සිංහල බසින් කියවීමට Info Sri Lanka News වෙබ්අඩවිය තුලින් ඔබට අවස්ථාව ලැබේ.


උදයන් පුවත්පත් සිරස්තල 2016.08.09 වන දින

1. බන්ධනාගාර ගතකර සිඬ්න දෙමළ දේශපාළන සිරකරුවන් නිදහස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇතත් එයට කිසිඳු විසඳුමක් ලැබී නොමැති හෙයින් 2016.08.08 වන දින යාපනය බස් නැවතුම්පොළ ඉදිරි පිටදී උද්ඝෝෂණ පෙළපාලියක් පවත්වා ඇති බව සදහන් වේ.

2. සැකපිට චුන්නාගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් කිළිනොච්චි වැවක තිබී හමුවී ඇති අතර, ඔහු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරින් සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මල්ලාගම් අධිකරණ විනිසුරු 2016.08.08 වන දින පොලිසියට උපදෙස් ලබාදි ඇති බව සදහන් වේ. 

3. පුනරුත්ථාපනය ලබමින් සිටි LTTE සාමාජිකයින් හට විෂ එන්නත් ලබාදිම සටීබන්ධව රජය විසින් පරික්‍ෂණ පැවැත්ධීය යුතු බවට නැවත පදිංබී කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමීනාදන් මහතා විසින් උදයන් පුවත්පතට ප‍්‍රකාශයක් කර ඇති බව සදහන් වේ.

4. නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන කෝවිල් උත්සවය 2016.08.08 වන දින සිට ආරම්භ වී ඇති බව සදහන් වේ. 

5. යුද්ධයෙන් විනාශවු නිවාස පමනක් ඉදිකිරිමෙන් ජාතින් අතර සාමය ඇති නොවන බව මානව හිමිකම් කොමිසමේ නායක අම්කබිකා සත්කුනාදන් මහතා 2016.08.06 වන දින වම්නියාමේ පැවති මාධ්‍ය
හමුවකදි පවසා ඇති බව සදහන් වේ.

6. යාපනය තාවලූ ප‍්‍රදේශයෙන් කේරල ගංජා කිලෝ 2 ක් සමග අවුරුදු 23 ක තරුණයෙක් යාපනය සුරාබදු නිළධාරින් විසින් 2016.08.08 වන දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

7. කිළිනොච්චි කන්නගි අම්මාන් කෝවිල් භූමියේ බෞද්ධ විහාරයක් ඉදිකිරිම සදහා එහි රැදී සිටින යුධ හමුදා භටපිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට ශ‍්‍රි ලංකා හින්දු කටයුතු පිළිබඳ කාර්්‍යාලය මගින් දැනුම්දි ඇති බව සදහන් වේ.

8. මුලතිම් වල්ලිපුරම් සෙන්චෝලේ ළමා නිවාසයට 2006 අගෝස්තු මස 14 වන එල්ලකල ගුවන් ප‍්‍රහාර හේතුවෙන් මියගිය ළමුන් 61 දෙනා සිහිකිරීමේ උත්සවයක් යාපනය කොටුවේ පිහිටා ඇති මුනියප්පර්
කෝවිලේ දි 2016.08.14 වන දින පවත්වන බව සදහන් වේ.

9. ශ‍්‍රි ලංකාවට ප‍්‍රහාරක ගුවන් යානා විකිණිම සදහා සාකච්ඡා කිරිමට පාකිස්ථාන් ගුවන් හමුදාපති ශ‍්‍රි ලංකාවට පැමිණ ඇති බවට ඉන්දිය මාධ්‍යක පළකර ඇති බව සදහන් වේ.


වාලම්පුරි පුවත්පත් සිරස්තල 2016.08.09 වන දින

10. LTTE සංවිධානයේ නායක ප‍්‍රභාකරන්ට වඩා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දරුණු පුද්ගයෙක් බව අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2016.08.08 වන දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදි
පවසා ඇති බව සදහන් වේ.

11. සිරගතව සිටින දෙමළ දේශපාළන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදි 2016.08.08 වන දින උද්ඝෝෂණ පෙළපාලියක් පවත්වා ඇති බව සදහන් වේ.

12. මුලතිව් මුල්ලියාවලි උතුරු ප‍්‍රදේශයේ පිහිටා ඇති නිවසකට මංකොල්ල කරුවෙකු ඇතුලු වී ඇති අතර, නිවෙස් හිමිකරු විසින් ඔහුට පොල්ලකින් හිසට පහරදි මුල්ලියාවලි පොලිසියට භාරදි ඇති බව
සදහන් වේ.

13. දැනට පුනරුත්ථාපනය ලබමින් සිටින LTTE සාමාජිකයින් හදිසියේම මියයාම පිළිබඳව පුලුල් පරික්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කලයුතු බවට EPDP නායක ඩග්ලස් දේවානන්ද මහතා විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර ඇති බව සදහන් වේ.


තිනකුරල් පුවත්පත් සිරස්තල 2016.08.09 වන දින

14. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තබා සිටින දෙමළ දේශපාළන සිරකරුවෙකු හට එන්නතක් ලබාදිමෙන් පසුව ඔහු අසාද්‍ය තත්වයේ පසුවන බව පා. මන්ත‍්‍රි ශිවශක්ති ආනන්දන් මහතා විසින් පවසා ඇත.

15. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිටපු LTTE නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් හට රුපියල් ලක්‍ෂ 8 ක් ලබාදි ඇති බවට 2016.08.07 වන දින කොළඹ පැවති විශේෂ සාකච්ඡාවක දී පා. මන්ත‍්‍රි
චම්පික රණවක මහතා විසින් පවසා ඇති බව සදහන් වේ.

© Info Sri Lanka News


Share on Google Plus