ජැකී ට ඇක්ෂන් පුහුණුවක්.


බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩිස් ඉදිරියේදී සටන්කාමී ජවනිකා සඳහා පුහුණුවක් ලැබීමට නියමිත යැයි වාර්තා වේ.

ඒ, ඇය රඟපෑමට නියමිත අළුත්ම චිත්‍රපටය වෙනුවෙනි.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා එක්වන්නේ දෝස්තානා චිත්‍රපටයේ අධ්‍යක්ෂක තරුන් මන්සුඛානි ය. එය ධර්මා චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කෙරෙනු ඇති බවද පැවසේ.

මෙම චිත්‍රපටය පිළිබව ජැකලින් මෙසේ පවසන්නීය. “මෙය විනෝදාත්මක හා වෙනස් ආකාරයක සටන්කාමී චිත්‍රපටයක්… සටන්කාමී දර්ශන වෙනුවෙන් මට අනිවාර්යයෙන් පුහුණුවක් ලැබීමට සිදුවෙනවා… තරුන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ අවුරුදු 08කට පසුවයි… මේ චිත්‍රපටයට එක්වීමට ලැබීම ගැන මට සතුටුයි.”

මේ අතර, ටයිගර් ෂ්රොෆ් සමග ජැකලින් රඟන රෙමෝ ද සූසා ගේ A Flying Jatt චිත්‍රපටය අගෝස්තු 25 දින එළිදැක්වීමට නියමිතය.

(PTI පුවත් ඇසුරෙනි)

Share on Google Plus

0 comments:

Post a Comment