මාධ්‍ය සගයන් දෙදෙනෙක් සමුගනිති.


බී.බී.සී. කොළඹ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු මහතා හා පුවත්පත් කිහිපයක ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කළ ශ්‍රී ලාල් ගෝමස් මහතා යන මාධ්‍යවේදීන් දෙදෙනා අද (11දා) අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ශ්‍රී ලාල් ගෝමස් මහතා දිවයින, ලක්බිය යන පුවත්පත් වල මෙන්ම හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ මෙන්ම ඔහුගේ පුත් වත්මන් වැවැලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසින්ද කටයුතු කරනු ලැබීය.

එල්මෝ ප්‍රනාන්දු මහතා සුවිශේෂී හැකියාවක් නිවේදන ක්ෂේත්‍රයට දැක්වූ අතර ඔහු රේඩියෝ සිලෝන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේද සේවය කළ අතර අවසන් වරට බී.බී.සී. සේවයේ කටයුතු කළේය. 

Share on Google Plus