මෛත්‍රීට අපාසකළ නඩුව නිතිපති ලඟම හිරවෙයි.


ජනපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කිරීම හා ව්‍යාජ ලෙස ප්‍රවෘත්ති මැවීම සම්බන්ධ නඩුව අද (01) පැවති අවස්ථාවේ ඊට සහභාගී නොවූ වගඋත්තරකරුවෙකු වන නිතිඥ සේපාල රත්නායක අධිකරණයට නොපැමිණි හෙයින් වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුවට අදාළව නිතිපති උපදෙස් ලබා ගැනිමට නියමිත බව අධිකරණයට දැන්වීමත් සමග ඊට ඉඩ සලසමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ලබන 26 තෙක් නඩුව කල් තබා ඇත. 

එකල ස්වාධින රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස කටයතු කළ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනෙක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම නඩුව මීට පෙරද කැඳවූ අවස්ථාවේද රජයේ නීතිඥ වරුණි හෙට්ටිගේ මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. අමරසේකර මෙනවිය හමුවේ සඳහන් කර තිබුණේද  තවමත් නඩුවේ උදෘත ගොනුව නීතිපතිවරයා අධ්‍යයනය කරමින් සිටින බවය.

Share on Google Plus