නාමල්ගේ ඉරේෂා අබුඩාබි ෂේක් වරයෙකු ළඟ?


අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත් කර ඇති, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා ද සිල්වා නැමතිය මේ වන විට අබුඩාබි නගරයේ ෂේක් වරයෙකුට අයත් ජාත්‍යන්තර සමාගමක නීති කලමණාකාරියක ලෙස කටයුතු කරන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිමිකාරිත්වය දරන එන්.ආර්.කන්සල්ටන්සි සමාගමේ අධ්‍යක්ෂකවරියක් වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 19දා ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කළේය.

නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන ඇය අධිකරණය මගහැර විදෙස්ගතව සැගවී සිටියි.

ඉන්ටපෝල් වරෙන්තුවක් නිකුත් කර ඇති තත්වයක් යටතේ ඇයට තවදුරටත් අබුඩාබියේ රැඳී සිටීම අපහසු වී ඇති අතර, යුරෝපා රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ඇය මේ වන විට බටහිර රටවල් කීපයක තානාපති අංශ සමග සාකච්ඡා පවත්වමින් සිටින්න බව වාර්තාවේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයෙහි දුරකතන ඇමතුම් ලබා දෙමින් තමාව වහාම අමතන ලෙස අබුඩාබි වල සිටින ඉරේෂාට පණිවිඩ පිට පණිවිඩ යවා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඔරනෙල්ලා කෙසේ හෝ එකගතාවයකට පත්කරගෙන ලංකාවට ගෙන්වා ගන්නා ලෙස නාමල් තම පියාට මෙන්ම මිතුරන්ටද රිමාන්ඩ් භාරයේ සිට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

එසේ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය ඔරනෙල්ලා ඉරේෂාගේ පස්සෙන් පන්නන්නේ ඇය සතුව රාජපක්ෂ පවුලේ සංවේදී තොරතුරු රාශියක් තිබෙන නිසා බවත්, ඔරනෙල්ලා විසින් රාජපක්ෂවරුන්ට අයත් ඩොලර් මිලියන 400ක වත්කම් ප්‍රමාණයක් විවිධ ගිණුම් ඔස්සේ විවිධ රටවලට මාරු කර යවා ඇති බවත්, මින් වැඩි හරියක් ඇය යවා තිබෙන්නේ සීෂේල්ස් රාජ්‍ය වෙත බවත් 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි. 

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment