පහරදීමකින් හිටපු මන්ත්‍රී දිනේෂ් ICU එකේ.


හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාගේ මෝටර් රිය හරස්කර පුද්ගලයකු කළ පහරදීමකින් තුවාල ලබා ඒ මහතා මේවන විට ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහු මේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ පිටකෝට්ටේ එපිට මුල්ල ආසන්නයේ ඔහුගේ කාර්යාලයට ගොස් නැවත නිවස බලා යමින් සිටියදීය.

අදාළ, පහරදීම සිදු කළ අය මොහු ලුහුබැඳ ජයවර්ධනපුර රෝහලටද පැමිණ ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පහරදීම කළ පුද්ගලයා පැමිණි මෝටර් රථය හඳුනාගෙන හඳුනාගෙන තිබේ.

ඔහු පැමිණ ඇත්තේ CAC - 4678 දරණ අංකය සහිත ඇලියෝන් 260 දරණ මෝටර් රථයකිනි.

එම මෝටර් රථය ගෙන්වා ඇත්තේ බදු රහිත බලපත්‍රයකින් බවද හෙළිව ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ 20/1, 8 වැනි පටුමග, ආනන්ද බාලිකා මාවත, පාගොඩ පාර පිටකෝට්ටේ යන ලිපිනයේ පදිංචි රසාංජලී අනුරුද්ධිකා වෙත්තසිංහ නැමැති කාන්තාවකගේ නමටය.

කෙසේවුවද අදාළ පහරදීම කළ අය මිරිහාන පොලිසියට ගොස් දිනේෂ් මහතාට එරෙහිව ඔහුට පහරදුන් බවට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පහරදීම සිදු කළ අය අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බවටද රාවයක් පවතී.

Share on Google Plus

0 comments:

Post a Comment