හිරුණිකා - වැලි චූලා සන්ධානයක් නෑ ලූ.



"හිරුණිකා - වැලි චූලා සන්ධානයක්" ලෙස අද සත්හඬ පුවත්පතෙහි පළවූ ප්‍රවෘත්තිය අප වෙබ්අඩවිය මඟින් උපුටා දැක්වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පැහැදිලි කිරීමක් ඒවා තිබේ.

එය අප මෙසේ පළකරමු.

'හිරුණිකා වැලි චූලා සන්ධානයක්' යනුවෙන් ඔබ වෙබ් පිටුව තුළින් පල කල අසත්‍ය පුවත පිලිබඳව මාගේ පාර්ශවයෙන් දැනුවත් කීරීමක් සිදු කීරීම මාගේ අයිතියක් යැයි මා විශ්වාස කරන අතර මාගේ නිරවද්‍යතාව තහවුරු කීරීම හා මගේ කීර්ති නාමයට මෙම ප්‍රවෘත්තිය හේතු කොට ගෙන සිදුවූ අයහපත් බලපෑම නිසා ඉදිරියේදී මාගේ චරිතය ආරක්ෂා කරගැනීමට හා මෙවන් අසාධාරණයක් නැවතත් නොවීමට ඔබ වෙබ් පිටුවේ පලවූ මෙම පුවත පිලිබඳව නීතියමය පියවර ගන්නා බවත් එන්තරවාසියක් එවීමට කටයුතු කරන බවත් දැන්වීමට මෙම ලිපිය එවමි. 

එමෙන්ම සිදුවූ සත්‍ය සිදුවීමද දැන්වීමට කැමැත්තෙමි.

මීට මාස කිහිපයකට පෙර අදාළ ඉඩම් හිමි ස්වාමින්වහන්සේ මාගේ මහජන දිනය පවත්වන කොලොන්නාව කාර්යාලයට පැමිණියේ උන්වහන්සේගේ පන්සල් ඉඩමට අයත් කොටසේ යම්කිසි පිරිසක් විසින් හොරෙන් ගස් කපන බව පවසමින්ය. අදාළ ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයකු මේ පිලිබඳව අවධානය යොමු නොකළ හෙයින් උන්වහන්සේට කල හැකි උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටිය අතර මා අදාල ආයතන වලට කතා කොට කල හැකි උපකාරයක් කරන ලෙස කියා සිටින ලදී. ඉන්පසු දින දෙකකට පමණ පසු උන්වහන්සේ මට දුරකථනයෙන් කතාකොට එම ස්ථානයේ එම පුද්ගලයින් නික්ම ගිය බව පවසමින් මට ස්තුති කරන ලදී.

මෙම සිදුවීම හැරෙන්නට වෙනත් කිසිදු සිදුවීමක් වුයේ නැත. ඔබට මා යම්කිසි දැව ජාවාරමක් සිදු කරන බව පැවසූ අයෙක් ඇත්නම් කරුනාකර පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම යම්කිසි පුද්ගලයෙක් මාගේ නම භාවිතා කොට එසේ නීතීවිරෝදී කාර්යයක යෙදෙන්නේ යැයි තොරතුරු ඇත්නම් කරුනාකර මා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තූති, 
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 

පාර්ලිමේන්තු මන්ත්‍රීනී

-------------------------------------------------------------------------- සත්හඬ පුවත >>>> http://sathhanda.lk/news/2543-2016-08-13-05-04-27


Share on Google Plus