ටෙහානිගේ ජංගිය සෙවීම හෙවත් Hitan ප්‍රජාතන්ත්‍රවාදය.


ටෙහානි ඉමාරා නම් සිරස නිවේදිකාවක් විසින් ක්‍රිකට් තරගයක් අතරතුර ප්‍රදර්ශනය කල පුවරුවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ්අඩවි තුල කතාබහක් ඇති වී තිබේ.

පහතින් දැක්වෙන්නේ සමාජ ජාල ක්‍රියාකාරකයෙක් වන චමීර ජීවන්ත විසින් දක්වා තිබු අදහසකි.

Ape Rata - අපේ රට පේජ් ඇඩ්මින් වෙත විරෝධය පළකිරීමයි.

පුද්ගල අපහාසය යනු මතවාදී බංකොළොත්භාවයේ ලක්ෂණයකැයි මම මීට පෙර ලීවෙමි.. එය පක්ෂ පාට සහ මතවාද භේදයකින් තොරව වලංගු ය.. පුද්ගලයකුගේ මතවාදය කෙතරම් අප්‍රසන්න වුවත්, එම පුද්ගලයා ඉලක්ක කර අපහාසාත්මක දෑ පළකිරීම මගින් මානසිකව වැට්ටවීම මම පුද්ගලිකව අනුමත නොකරමි..

මීට ටික දිනකට පෙර, ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් මැද, "අදාළ නෑනේ Hitan" යනුවෙන් පුවරුවක් ඔසොවාගෙන සිටි කාන්තාවකගේ ඡායාරූපය සමාජ ජාලාවල ප්‍රචාරය විය.. ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තරය හමුවේ මෙවැනි ක්‍රියාවන්හි නිරතවීම සමග එකඟ විය නොහැකි නමුත්, අදාළ පුද්ගලයා ඉලක්ක කරගනිමින් අපහාස මඩ ප්‍රහාර දියත් කිරීම සමගද එකඟ විය නොහැක.. පැවති පාලනයට එරෙහිව අප සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වුයේ, එම පාලනය යටතේ කෙරුණු ක්‍රියාවන් වත්මන් පාලනය යටතේ දැකීමට නොවේ..
ජනාධිපතිවරයා යනු අවිවේචනීය දෙවියකු හෝ බ්‍රහ්මයකු නොවේ... එහෙත් විවේචනය සහ අපහාසය අතර සීමාව ඉක්මවා යන්නේ නම්, ඊට ප්‍රතිචාර දක්වන ආකාරයද මෙය නොවේ.. ඔබේ පිටුව මේ අවකාශයේ පැවතිය යුතු ද, එසේ නම් එසේ පැවතිය යුත්තේ ඇයිදැයි නැවත සිතා බලන්න...

චමීර ජීවන්ත | Chameera Jeewantha Dedduwage


Share on Google Plus

0 comments:

Post a Comment