හිරුනිකාට අධිකරණයෙන් කැඳවීමක්.


පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ ආධාරකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර භාරදීම සදහා මහාධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වන අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම පිරිසට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර ඇති අතර එම නඩුව ලබන 26 වෙනිදා කැඳවීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන්ට එදින මහාධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන්ට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

Share on Google Plus

0 comments:

Post a Comment