විමල් වීරවංශ කියන්නෙ අමු දූෂිතයෙක් - හැරී ජයවර්ධන.


-ලංකා නිවුස් වෙබ් වෙතින් කල උපුටා ගැනීමකි.

‘විමල් වීරවංශ කියන්නෙ බංකොලොත් දේශපාලඥයෙක්. මොලයක් නැති ඔලුවක ලොකු කටක් එයාට තියෙනවා. මිනිහ වටේ ඉන්න මීඩියා කාරයොත් එයා වගේම පිරිහිච්ච උදවිය. ඒක නිසා තමයි මේ වගේ අමූලික බොරු එයාලගෙ මාධ්‍යවලින් ප්‍රචාරය කරන්නෙ' යනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා ‘ලංකා නිවුස් වෙබ්' වෙත අදහස් ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මහතාට අයත් යැයි කියවෙන වෙබ් අඩවියක් හැරී ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පලකර තිබූ පුවතකට ප්‍රතිචාර දක්වමිනි.

එම පුවතින් කියවෙන ආකාරයට හැරී ජයවර්ධන මහතා 1990 රාජ්‍ය ස්කාගාර සංස්ථාව මිලදී ගත් තැන් පටන් රේගුවට වංචා කරමින් මේ දක්වා රුපියල් බිලියන මතුනොව රුපියල් ට්‍රිලියන ගණනක ආදායමක් ශ්‍රී ලංකා රජයට අහිමි කොට තිබේ. එම පුවතේ සබැඳිය පහතින් දැක්වෙන අතර එම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ලංකා නිවුස් වෙබ් හැරී ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී,

‘මට රාජ්‍ය ස්කාගාර සංස්ථාව ප්‍රේමදාස ජනාධිපතිතුමා තෑගි දුන්නෙ නෑ. මම ඒක ගත්තෙ කොටස් වෙළඳපොලෙන්. එදා ඉදල අද දක්වා ශ්‍රී ලංකා රජයට ගෙවියයුතු හැම බදු මුදලක්ම හිග නැතුව අන්තිම සතේට අපි ගෙවල තියෙනවා. ලංකාවෙ වැඩිපුරම ආදායම් බදු ගෙවන ව්‍යාපාරිකයා මම. අපේ ගුදම් දිනපතා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ අය කිසිම අවස්ථාවක අපි වංචාවක් කලා කියල චෝදනා කරල නෑ. මේ ව්‍යාපාරය ඩැහැ ගන්න බලන් ඉන්න අය ගොඩක් නිසා මම ඉතාමත් පරිස්සමින් වැඩ කරන්නෙ' යනුවෙන් හැරී ජයවර්ධන මහතා සිය අදහස් පල කර සිටියා.

‘මට ඔහොම චෝදනා කරන විමල් වීරවංශ අමුදූෂිතයෙක්. එයාගෙ බිරිඳට පාස්පෝට් දෙකක් තියෙනවා. එකක් හදල දුන්නෙ විමල් වීරවංශ කියල එයාගෙ වයිෆ්ම රහස් පොලිසියට කියල තියෙනවා. විමල් වීරවංශට අයිඩෙන්ටිකාඩ් 2 ක් තියෙනවා. වීරවංශ එයාර්පෝට් එකෙදී අහුවෙච්චි වෙලාවෙ රජයේ ඉහලම තැනැත්තෙක් තමයි බේරුවෙ. නැත්තන් තාම ඇතුලෙ. හෙට අනිද්දට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු දැම්මම එයාගෙ කැරැට්ටුව මුළු රටටම දැන ගන්න පුළුවන් වේවි' තවදුරටත් හැරී ජයවර්ධන මහතා කියා සිටියා.

ලංකා සී නිවුස් හි පලවු පුවත පහලින්

ලංකා ස්කාගාර සංස්ථාවේ හිමිකරු හැරී ජයවර්ධන විසින් වසර ගණනක් තිස්සේ කරගෙන ආ එතනෝල් ජාවාරමක් හෙලි කරගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.

රේගු නිළධාරීන් පවසන අන්දමට මෙම වංචාව සූක්ෂම ආකාරයෙන් වසර විස්සකටත් අධික කාලයක් ඔස්සේ කරගෙන ඇති බව හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් මෙරටට එතනෝල් ගෙන්වන්නේ ලීටර් 25000 ටැන්කි (Tankers) තුලයි. නමුත් ඉතිහාසය පුරාම මොවුන්ගේ ඉන්වොයිස් තුල ලීටර් 20000 සිට 22000 දක්වා ප්‍රමාණයක් සදහන් වීම රේගු නිළධාරීන්ගේ සැකයට භාජනය වී ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ මේ සතියට පමණක් ගෙන් වූ ටැංකි දහයකට අධික ප්‍රමාණය තුල නියමිත ලීටර් 25000ම තිබූ බවත්, ඉන්වොයිස් කිරීමේදී අවම වශයෙන් ලීටර් 2000ක් වත් අඩුවෙන් මේ සියළුම ටැංකි වල ප්‍රමාණය සදහන් කර තිබූ බවත් රේගු ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් රජයේ ඇමති ********** මෙම සිද්ධියට බලපෑම් කරන බවත්, මිලියන 250ක් අය කරගෙන නිදහස් කරන ලෙසටත් රේගු නිළධාරීන්ට උපදෙස් දී තිබේ. හැරී ජයවර්ධන විසින් මෙම මුදල මේ වනවිටත් ගෙවා මෙම සිද්දිය මාධ්‍ය වලින් වසන් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිලිබද වැඩිදුර පරීක්ශණ සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට රේගුව අදහස් කරන අතර, ඒ වෙනුවෙන් දැඩි බලපෑම් රජයේ පාර්ශ්වයෙන් එල්ල වන බව වාර්තා වේ. රජයට සිදුවෙන ප්‍රකෝටි ගණනක පාඩුව මිලියන 250කින් නිදහස් කිරීම පිලිබදව රේගු නිළධාරීන් කණස්සල්ල පළ කරති. ඉදිරියේදී ගෙන ඒමට නියමිත රේගු පණත මෙවන් ක්‍රියා වලට උඩ ගෙඩි දීමක් ලෙසත් ඔවුන් සදහන් කරයි.

ප්‍රේමදාස පාලන සමයේදී මෙම ස්කාගාර සංස්ථාව කෝටි 400ක් වැනි මුදලකට හැරී ජයවර්ධනට ලබාදුන් කාලයේ සිට මෙම වංචාව සිදුවන්නට ඇති බව මොවුන්ගේ අදහසයි.

මෙම සිද්ධිය යටපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රභලයින් උත්සාහ කරන බව වාර්තා වන අතර වැඩිදුර පරීක්ශණ මේ වනවිටත් සීදූවේ තිබෙන ස්කාගාර සංස්ථා ගුදම තුල සිදු කෙරෙමින් පවතී.

Share on Google Plus