ගයේෂා ඇමැති කෙනෙක් එක්ක තියන හුටපටේ ගැන උත්තර දෙයි.



  • ගයේෂා කාර්ය බහුලයි වගේ?

ටිකක් විතර කාර්ය බහුලයි. මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක විතර වැඩ කරනවා.


  • දැන් පුංචි තිරයට අවධානය වැඩිද?

පසුගිය කාලේ උපාධියේ වැඩකටයුතු නිසා මම ටෙලිනාට්‍ය භාරගත්තේ නැහැ. මොකද මට ඒ වෙනුවෙන් වෙන් කරන්න කාලය මදි වුණා. දැන් මගේ දේශපාලන උපාධියේ අධ්‍යාපන කටයුතු ඉවරයි. ඒ නිසා ආයෙම ටෙලි නාට්‍යවල වැඩකටයුතු පටන් ගත්තා. ඒ වගේම සිනමා නිර්මාණත් කිහිපයක් කළා.


  • පසුගිය දවසක ගයේෂගේ අලුත්ම වාහනේ ඇක්සිඩන්ට් වුණාලු නේද?

ඔව්. මගේ මහත්තයව දාලා එද්දී රියැදුරු අතින් වාහනේ ඇක්සිඩන්ඩ් වුණා.


  • ගයේෂා ඒ ගැන ගොඩක් දුක් වුණා කියලත් ආරංචියි?

ඒ ගැන දුක හිතුණා. මම හස්බන්ඩ් වාහනේ ගෙනියද්දී වාහනේට හීරීමක්වත් වෙන්න දීලා නෑ. වෙන කෙනෙක්ට වාහනේ ගෙනයන්න දුන්නේ ඇයි කියලා.


  • ගයේෂා තරහට ඒ අයට ‍දොස් පැවරුවා කියන්නේ ඇත්තද?

ඒ ගැන මම කිහිප දෙනෙක්ට දොස් ‍පැවැරුවා. ඒ වාහනේ ගාණ වැඩියි. ඉතින් අපි හිතේ තියෙන ආසාවට ඒ වාහනේ ගත්තේ. ඒ වගේ වාහනයක් පරිස්සමෙන් පාවිච්චි කරන්නත් ඕන. ඒකයි දොස් කියන්න වුණේ.


  • ඇමැතිවරයෙක් එක්ක තියෙනවා කියන වැඩි ඇයි හොඳයිය මොකක්ද ගයේෂා?

මම රටේ ඉන්න ඇමැතිවරු බොහෝ පිරිසක් ආශ්‍රය කරනවා. ඔය කියන්නේ කොයි ඇමැති ගැනද?


  • දුමින්ද දිසානායක ඇමැතිවරයා ගැන?

දුමින්ද ඇමැතිවරයා මගේ සැමියාගෙ ළඟම මිතුරෙක්. අපි අතරේ අවුරුදු නවයක, දහයක මිතුරුකමක් තියෙනවා. ඔහුව අපිට ඇමැතිවරයකුට වඩා පේන්නේ මිතුරෙක් විදියට. නිළියක් නොවන නිළියක් තමයි ඔය නැති කතා හදලා පතුරවන්නේ.


  • ඒ මිතුරුකමෙන් සැමියාගේ බිස්නස්වලට සහාය ගන්නවාලු නේද?

මගේ මහත්තයාගේ බිස්නස් එයා කරන්නේ එයාගේ ඔළුවෙන්. ඒ බිස්නස් දේශපාලනය ගෑවෙන බිස්නස් නෙවෙයි. හැබැයි මගේ සැමියා දේශපාලනඥයෝ ආශ්‍රය කරනවා. ඔවුන් ආශ්‍රය කරන්නේ මිතුරෝ විදියට විතරයි.


  • කාලෙන් කාලෙට ගයේෂා ගැන මෙහෙම ගොසිප් පැතිරෙන එක හොඳද?

දන්නා හඳුනන අයටනේ ගොසිප් ගහන්නේ. ගොසිප් ගහන අයට බඩවියත රැක ගන්න මාව වැදගත් ඇති.


  • ගොසිප් ගැන වැඩි කලබලයක් නෑ වගේ?

අපි හරියට ඉන්නවා නම් ඕවට කලබල වෙන්න අවශ්‍ය නෑ. මම කවුද කියලා මාව දන්න අය දන්නවා. පෞද්ගලිකව මාව දන්නේ නැති අයත් මාව හරියට හඳුනා ගනියි. වෛර බැඳගෙන ඔය දේවල් පස්සේ යන්න මට මානසික පිස්සුවක් නෑ. ඔය වගේ කතා හදන්නේ මානසික පිස්සෝ. මම සාර්ථකව මගේ දේවල් කරගෙන යනවා.


  • ගයේෂාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථකද?

ඔව්. මම බිරියක්, දියණියක් විදියට සාර්ථකයි. මම වැඩිම සම්මාන ගණනක් රටට ගෙනාපු රූ රැජන බවට පත්වෙලා තියෙනවා. මම රංගනයෙන් සාර්ථකයි. මම ගෙදරට රටට වැඩදායී කෙනෙක්. ඒ නිසා මම සාර්ථකයි.


  • විවාහක රූ රැජන වෙන්න අදහසක් නැද්ද?

තාම එහෙම අදහසක් නෑ. දැනට මම දිනලා තියෙන සම්මාන එක්ක මට ලෝක රූ රැජන තරගයකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒවා හරිම කාලෙදි කරන්න ඕනෑ. දහදෙනා පහළොස් දෙනා යන තරගවලට ගිහින් දිනලා ඇවිත් වැඩක් නෑ. සියදෙනෙක් විතර සහභාගි වන තරගයකට ගිහින් තමයි හරි ජයග්‍රහණයක් ගන්න ඕනෑ.


  • ඉතින් ගයේෂටත් ඒ වගේ තරගයකට යන්න අදහසක් නැද්ද?

මට එහෙම යන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මම මිස් තරගාවලිවලින් ජාත්‍යන්තරයට ගිහින් ජයගත්තා. මිස් තරගවලින් ජයගන්න බැරි වුණ අය තමයි මිසිස් තරගවලින් ජයගන්න හදන්නේ.


  • ගයේෂා හොඳ දියණියක් වුණා. හොඳ බිරියක් වුණා කිව්වනේ. හොඳ මවක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේවලුත් නියමිත කාලෙදි සිද්ධ වෙයි. හොඳ මිනිසුන්ගේ ජීවිත හොඳ පැත්තට යනවනේ. ඒ නිසා මගේ ජීවිතෙත් ඒ හැම දෙයක්ම හොඳින් වෙයි.


  • සැමියත් එක්ක අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නත් යනවලු නේද?

හස්බන්ඩ් තව අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ. මටත් පුළුවන් විදියට එයාට උදවු කරනවා.

-තිළිණි කෞශල්‍යා විජේසංහ

Share on Google Plus