සුජානිගේ රගර් ගයාන් ගැනත් සැකයක්?


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම  සමග සමීප ඇසුරක් පැවැත්වූ බව කියන රගර් ක්‍රීඩක ගයාන් වීරත්න සම්බන්ධයෙන්ද සැකයක් මතුව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ගයාන් වීරරත්න විවාහකයෙකු වන අතර ඔහු සිය බිරිද ගෙන් දික්කසාද වීමට නඩු පවරා ඇති බවද ඔහුට එක් දරුවෙකු සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ.

ගයාන් මහනුවර ක්‍රීඩා සමාජයට හා බ්ලැක්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයෙකි.

සුජානිගේ කලින් පෙම්වතාව සිට ඇත්තේ රාජ්‍ය ආයතන තුනක රැකියා කර වැටුප් ලබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටින චම්පික කරුණාරත්න නොහොත් කප්පම් චම්පි යන අය බවටද  රාවයක් පවතී.

නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ සුජානි බෝගොල්ලාගමව අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබේ.

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment