"වසරක පසුවදන! සහ පිළිතුරු." - ගැමුණු පරණවිතාන විසිනි.


"සැමරිය යුත්ත සැමරිය යුතුය, යහපාලනය යැයි කිසිවක් නොවුවා සේ හෝ වසරක කාලය තුල වත්මන් යහපාලන රජය කල කී දෑ නොකියා සිටින්නේනම් එය රජයක් ලෙස අනුවන ක්‍රියාවකි. මෙතුවක් කල්ද රජය වසරක් තුල අත්කරගත් ජයග්‍රහණ ජනතාවට නොකිමද රජයට අවාසිදායක විය. එනිසා මෙය ඉතා වැදගත් සැමරුමකි. මන්දයත් මාරා වාදය පන්නා දමා ලද යෝධ ජයග්‍රහණයක් පමණක් නොව ජාතික රජය වසරක් තුල ආණ්ඩුවේ බොහෝ දැවෙමින් පැවති ප්‍රශ්න රැසකට මෙම වසරක කාලය තුල නිහඩව පිළිතුරු ලබාදී රටේ ජයග්‍රහණය ජාත්‍යන්තරය තුලට ගෙනගොස් තිබූ නිසාවෙනි. බොහෝ පිරිස් නිතර අපෙන් විමසු ප්‍රශ්නවලට ජනපති හා අගමැති අද ඉතා පැහැදිලිව පිළිතුරු ලබාදී තිබුණි.ඒ අනුව ඉතා සාර්ථක අන්දමින් යහපාලන රජයේ පළමු සංවත්සරය මාතර සනත් ජයසූරිය ක්‍රීඩා පිටියේදී ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් සැමරුවෙමු.

එසේ කල සැමරීම ඇතැම් පිරිස් වලට මහත් ප්‍රශ්නයක් වී ඇතිබව පෙනේ. එසේ ප්‍රශ්න ඇතිවන්නේනම් ඔවුන් තවමත් මාරවාදය ප්‍රියකරන්නවුන් හෝ රටේ සැබෑ වෙනස දෙස පියවි ඇසින් දැකිය නොහැකි උද්දච්ජ පිරිසක් වියයුතුය. ඒ පිලිබදව ඊට වඩා දෙයක් නොකිවමනාය.

මෙම රැලියට ශ්‍රී.ලංගම බස්රථ පැමිණි අතර ඒවා පෙර පරිදිම මුදල් ගෙවා වෙන් කරවාගෙන පැමිණි ඒවාය. (සාක්ෂි සහිතව පැවති) රැලියේ ජනතාව ඉතා විශාල පිරිසක් සිටි අතර ඇතැමුන් රැලිය පටන්ගැනීමට පෙර ජායාරුප පළකරමින් රැලියේ සෙනග නැතිබව හුවා දැක්වීමට දගලයි. ඒවා වලංගු නොවන්නාවූ බොලද ක්‍රියාවන් පමණක්ම වනු ඇත.

කිව යුත්තේ මෙයයි. දසවසරක් සොරුන් විසින් කන ලද රාජ්‍යක් එක් වසරකින් වෙනස් කල නොහැකිය. මෙම රජය මීට වසරකට පෙර බලයට පැමිණීමට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම රජයට මාස 60ක් ලබාදෙන ලෙසත් එම මාස 60න් ජනතා අපේක්ෂාවන් මල්පල ගන්වන බවත්ය. එනිසා මාස 60න් සිදුවන සම්පුර්න වෙනස මාස 12න් අපේක්ෂා කරන්නේනම් එය මාස 10න් මව් කුසකින් එලියට ඒමට සිටින දරුවා ඉතාමත් අඩු මාස ගණනකින් එලියට ගැනීමක් වැනිය. එවැනි මොලයක් නැති ප්‍රකාශ හෝ පොස්ට් සමාජ මාධ්‍යන්හි පලකොට සිය විලි වසා ගැනීමට තැත්කිරීම විනා පරාජිතයන්ට මේ මොහොතේ කිරීමට වෙනත් දෙයක් නොමැත. කෙසේ නමුත් අද දින ජනපති හා අගමැති කල කතා අසා තමන්ගේ ඔලුවෙන් කල්පනාකාර (ඔලුවක් ඇත්නම් පමණි) හරි පාර තෝරාගත යුතුය.

ඔව්, අපිට සතුයි. ඒ පරාජිතයන්ගේ වගේ කාලකන්ණි සතුටක් නෙවෙයි, රටට සැබෑ ජයග්‍රහණ ගෙනෙන රජයක් පවතින නිසාය.

- ගැමුණු අමන්ද පරණවිතාන
සරසවි යොවුන් පෙරමුණ (හිටපු )
19/08/2016

Share on Google Plus

0 comments:

Post a Comment