ඉතිහාසයේ පළමුවරට පාපන්දු සම්මේලනය කෝප් හමුවට.


ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් අද(09) දිනයේ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

2002 වසරේ සිට 2013වසර දක්වා කාලය තුළ පාලන්දු සම්මේලනයේ කටයුතු සම්බන්ධයෙන් හෙට විමර්ශන ආරම්භ කිරීමට නියමිත අතර මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙටින් ආරම්භ වන කෝප් කමිටු විමර්ශනයේදී අනාවරණය වනු ඇති බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබේ. 

2002 - 2013 කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ මනිලාල් ප්‍රනාන්දු මහතාට එල්ල වූ චෝදනා කිහපයක් නිසා ඔහුව එම ධුරයෙන් ඉවතකළ අතර මේ වනවිට ඔහු සම්බන්දයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේදී පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.

Share on Google Plus