Ads Top

Ray Ad

සුජානි ටිකට් නොකපාම රෝහලින් FCID යට.


'එන්.ආර්. කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ' පූර්ණ කොටස් අයිතිය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතාට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකාරියක වන සුජානි බෝගොල්ලාගම නමැත්තිය, ඊයේ (24) ජාතික රෝහලේ නේවාසික රෝගියෙකු සේ හිඳිමින්ම FCID ය වෙත පැමිණ ඇත.

තමන් කට උත්තරයක් ලබා දීම සඳහා පැමිණි බවත් එසේ වී නමුත් තමා තවමත් රෝගියෙකු බැවින් කට උත්තරය ලබා දීමෙන් පසු යලි කොළඹ මහ රෝහලේ තමා නේවාසිකව ප්‍රතිකාර ලබන ගෙවන වාට්ටුවට යා යුතු බවත් ඇය පවසා තිබේ.

ඇය පැමිණ සිටියේ රෝහල් වෛද්‍යවරයෙකුගේ හෝ සාත්තු සේවිකාවන්ගේ හෝ ආරක්ෂාවක් හෝ අධීක්ෂනයක් යටතේ නොවීම විශේෂිතය. රෝහලින් ඇයගේ ටිකට් කපා තිබුනේ ද නැත.

මෙය අත් අඩංගුවට ගැනීමෙන් සහ රිමාන්ඩ් වීමෙන් බේරීම සඳහා ඇය විසින් ගනු ලබන උපාය මාර්ගයක් බව අවබෝධ කර ගත්  FCID නිලධාරීන්, තමන්ට කිසිදු හදිසියක් නොමැති බවත් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රථමයෙන් කළ යුතු බැවින් කට උත්තර දීම පසෙක තබා වහා රෝහලට ගොස් ලෙඩේ සනීප කර ගන්නා ලෙසට දැනුම් දී තිබේ.

(මුලාශ්‍රය - ලංකා ඊ නිවුස්)

Powered by Blogger.