නාමල් FCID අත්අඩංගුවට.


අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඔහු අද (15) කැදවා තිබිණි. 

රුපියල් කෝටි දොලහමාරකට අධික මුදලක් යොදවා හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් අද (15දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රශ්න කිරීමට නියමිතය.

Powered by Blogger.