නාමල්ගෙන් මෙවර බන්ධනාගාර යෝග පුහුණු නැහැ.


මුදල් විශුද්ධිකරණ පනතින් බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එම්.01 වාට්ටුවේ සාමාන්‍ය රැඳවියන් සමග රඳවා සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

එම වාට්ටුවේ රිමාන්ඩ් රැදවූවන් හතළිස් පහක් පමණ සිටින බවද බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

මෙයට පෙර මැගසින් බන්ධනාගාරයේ ඔහු රැඳ වූ අවස්ථාවේදී රැඳවියන්ට යෝගා ව්‍යායාම පුහුණුවීම් ලබාදුන් බව කියැවුණත් මෙවර ඔහු එවැනි කටයුතුවලින් වැළකී සිටින බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment