එලොව ගිහින් මෙලොව ආ මවගේ කතාව.



අපේ ඉපදීම, ජීවත්වීම, මරණය සියල්ල ප‍්‍රහේලිකාවන්ය. එහෙත් රෝදුක් සම්බන්ධව පැවසීමට ඇත්තේ වෛද්‍යවරු මේ වනවිට බොහෝ රෝගාබාධවල රහස් සොයා ගෙන ඇති බවය. ඒ අතර වෛද්‍යවරුන් මවිතයට පත් කරන ප‍්‍රාතිහාර්යයන්ද තවමත් සිදුවෙමින් පවතී. මරණය පරාජය කර ජීවිතය දිනා ගැනීමට වරම් ලැබූ පුද්ගලයන් වෛද්‍යවරුන්ගේ මතක පොතේ අමර”ය මතක සටහන් ලෙස තැන්පත් වී ඇත.

ලොමු ඩැහැගැන්වෙන එවැනි සිදුවීම් ති‍බේ. මේවා ප‍්‍රබන්ධ කතා නොවේ. සැබැවින්ම වෛද්‍යවරුන්ගේ දෑස් ඉදිරියේ සිදුවූ අත්දැකීම්ය. මිනිත්තු 45කට මියගිය රූබි කැසිම්රෝ හතළිස් හැවිරිදි මවකි. ඇය සිසේරියන් සැත්කමකින් සුරංගනාවක් මෙන් හැඩකාර දියණියක බිහි කළාය. සැත්කම සිදු කළ කණ්ඩායම ශල්‍යාගාරයෙන් ඇය යථා තත්ත්වයට පත්වීමට තබන කාමරයට යැවූවේ සාර්ථක සැත්කමක සතුට විඳිමිනි. එහෙත් ඒ මොහොතකටය. සැණකින් රූබි සිහිසුන් වූවාය. ඇයගේ හාද ස්පන්දනය නතර වෙමින් පැවතිණි.

වෛද්‍ය ජෝර්දාන් නූර් සහ නිර්වින්දන වෛද්‍යවරයා වහාම ඇයට කෘත‍්‍රිම ස්වසනය ලබා දීමට පියවර ගත්හ. ශල්‍යාගාරය වෛද්‍ය කණ්ඩායම්වලින් පිරී ගියේය.

පැය දෙකක් යන තුරුම රූබිගේ හද ගැස්ම පැවතුණේ මාරාන්තික මට්ටමේය. වෛද්‍ය නූර් මහත්සේ බියවුණේ ඇයගේ නාඩි වැටීමේ රිද්මයද නෑසුණ නිසාය. ඔවුන් ඇයගේ හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත් කිරීමට මිනිත්තු 45ක් පුරා නොගත් වෙහෙසක් නැත.

පැය දෙකකට පසු වෛද්‍යවරු බලාපොරොත්තු අත්ඇරියහ. රූබිගේ පවුලේ අයට ඔවුන් පැවසුවේ තවදුරටත් ඇය ගැන බලාපොරොත්තු තබා ගැනීමෙන් ප‍්‍රයෝජනයක් නැති බවය. පවුලේ අය ඇයගේ කාමරයෙන් පිටවූයේ ඇයට සාමකාමීව අවසන් හුස්ම හෙළීමට ඉඩ දෙනු පිණිසය. එහෙත් හෙදියන් කිහිප දෙනෙක් රෝගියා අසලින් රැුදෙමින් යාච්ඥා කළහ. වෛද්‍යවරු පපුව සම්බාහනය කිරීම නතර කළහ. ඔවුන් අකැමැත්තෙන් වුවද සුදානම් වී සිටියේ හද සීතලත් ගල් ගස්වන ඒ ශෝචනීය පුවත සවනත වැකෙන තුරුය.

වෛද්‍ය නූර් කෘත‍්‍රිම හුස්ම දෙන යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත කර තත්පර දෙකක්වත් ගතවූයේ නැත. හෙදියෝ කෑ ගැසුහ.  ර්‍ණනවතින්න” පැය දෙකකට පසු රූබිගේ හදවත යළි කිසිදු ඖෂධයකින් හෝ කෘත‍්‍රිමව හද පණ ගැන්වීමකින් හෝ නැතුව පණ ගැන්වී තිබුණි. වෛද්‍ය නූර් සිය වෛද්‍ය වෘත්තියේ අදහා ගත නොහැකි අත්දැකීම ලැබුවේ එසේය.

රූබිගේ ගර්භාෂයෙන් කලලාවාරික තරලය රුධිර ධාරාවට එක්වී ඇයගේ හදවත කරා ගමන්කර තිබිණි.

මෙය ඇමිනියෝටික් ෆ්ලූවිඞ් එම්බොලිස්ම්” ලෙස හඳුන්වයි. මේ රෝගී තත්ත්වය නිසා හෘද වස්තුවේ වාතය අවහිර වන අතර රුධිරය ගලායාමද වළකී. මෙය ඉතා දුලබ තත්ත්වයකි.

අපි මේ රෝගී තත්ත්වය ගැන තවමත් වැඩි තොරතුරක් දන්නෙනෑ. මේ වගේ ලෙඞ්ඩු ස්ථිරව මිය යනවා. නැත්නම් මොළයට හානි සිදුවෙනවා’. වෛද්‍ය නූර් සියල්ලන්ටම පැවසුවේ තම පුදුමය වඩාත් තහවුරු කරමිනි.


පසුදින ඇයට කෘත‍්‍රිම ස්වසනය දීම නතර කළේය. දින හතරකට පසු සිගිති දියණියත් සමÛ ඇය රෝහලෙන් පිටවූයේ නීරෝගි මවක ලෙසිනි.

රූබිගේ කතාව ලොවේම කතාවක් වීමට ගත වූයේ මොහොතකි. රූබි කැසිමොරෝ වයස අවුරුදු හතළිහයි. වසර 2014 සැප්තැම්බර් 23වැනි දින මිය ගියා.

එසේ තම ඉරණම ලියවෙමින් තිබියදී ඇය ඉඳ තිබෙන්නේ උමගක පාවෙමින් බව ඇය පවසන්නීය. උමග තුළ ආත්මයක් ඇය දැක ඇත. රූබි විශ්වාස කරන ඇන්දමට ඒ ඇගේ පියාය. ඔහු පිටුපස තවත් ආත්ම ගණනාවක්ම සිටිනු ඇය දැක තිබේ. එහෙත් රූබිට උමගේ වැඩිදුර පාවීමට ඉඩක් ලැබුණේ නැත. ඇයගේ ගමන වහාම නතර විය. ඒ ඇයගේ හෘදය ස්පන්දනය වීමට ගත් මොහොතයි ඒ.

රූබි පසුව කියා සිටියේ මේ අත්දැකීම නිසා තමන් තවදුරටත් මරණයට බිය නොවන බවය.

‘දෙවියන්ට මිනිසුන් හරි තැන තැබීමේ අයිතිය පැවරී තිබෙනවා.’ ඒ රූබිගේ විශ්වාසයයි.

රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරිනි.

Share on Google Plus

0 comments:

Post a Comment