චතුරිකාගේ පිස්සු වැඩ නිසා මෛත‍්‍රීට මලපනී - අකිල විරාජ්ට බලූ බැනුම්.


සිත් ගන්නා සුලූ සිද්ධියක් පොලොන්නරුවෙන් වාර්තා වේ. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ දියණිය වූ චතුරිකා සිරිසෙන පසුගිය දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කර පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපළ බෙහෙවින්ම කරදරකාරී බවත් වහාම ඔවුන්ව පාසලෙන් මාරු කරන ලෙසත් දන්වා තිබේ.

එම නියෝගය ප‍්‍රකාරව ක‍්‍රියාත්මක වූ අධ්‍යාපන බලධාරීහු මෙම විදුහල්පතිවරුන් දෙදනාගේ මාරුවීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්වෙත යොමුකර තිබේ. ජනාධිපති දියණියගේ ඉල්ලීමක් නිසා වැඩිදුර කල්පනා නොකළ අකිල එම මාරුවීම අනුමත කර නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා මින්නේරිය ජාතික පාසල වෙත යවා ඇත.

හිටි හැටියේ මෙම මාරුවීම ලැබීමෙන් කලබල වූ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපල වහාම වෙලාවක් රැුගෙන තමන්ගේ ගමේ නායකයා වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව හමුවී තමන්ට සිදුවුණු අසාධාරණය දන්වා තිබේ. තමනුත් නොදැන තම ගමේ පාසලේ විදුහල්පතිවරුන් මාරුකර යැවීම නිසා දැඩි සේ කිපුණු ජනාධිපතිවරයා යළිත් අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කර ඉහළම අධ්‍යාපන බලධාරීන්ට පදුරු යන සේ බැණ මෙවැනි අත්තනෝමතික මාරුවීම් අතාර්කිකව නොකරන ලෙස අවවාද කර ඇත. ඉන් අනතුරුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය විදුහල්පතිවරු දෙපළ පොලොන්නරුව රාජකීය විද්‍යාලයටම යළි පත් කරන ලෙස නියෝග කර තිබේ.

දියණියගේ ඉල්ලීම ඉටු කරන්නට ගොස් පියාගෙන් බඩ කට පුරා කෑ අධ්‍යාපන බලධාරීන් මෙන්ම මේ මාරුවීම යළිත් ලබා දීම අනුමත කළ යුතු අධ්‍යාපන අමාත්‍යවරයාත් කැරකී ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

Share on Google Plus

0 comments:

Post a Comment