කොළඹ සුපිරි මහල කළු සල්ලි ආකරයක්.


ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ ඉදිකෙරෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ අප‍්‍රකාශිත වත්කම් හිමි අයථා ගනුදෙනුකරුවන්ට (ඩීල්කරුවන්ට) හිතකර ආයෝජනයක් යැයි ‘‘හොංකොං සහ ෂැංහයි බෑන්කින් කෝපරේෂන් ලිමිටඩ්’’ (එච්.එස්.බී.සී) බැංකුවේ මෙරට ශාඛාව අනාවරණය කරයි.

කොළඹ ඉදිවන සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 2018 වනවිට දෙගුණයක් වනු ඇතැයි කොළඹ සභාධිපත්‍යය වෙළෙඳපොළ අධ්‍යයනක සහ ද බෑන්ක්ස් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාවේ නවතම වාර්තාවේ ද සඳහන්ව ඇත.

මෙමඟින් ආදායම් හා ලාභවලට සිදුවන බලපෑම් කෙරෙහි දේපොළ වෙළෙඳාම් ආයෝජකයන් විසින් අවධානය යොමු කර ඇතැයි ද ඉදිරි වසර තුන ඇතුළත නව දේපොළ සංවර්ධන ප‍්‍රවණතා ඇති වනු බවත් ඔවුන් කුඩා විභව ගැනුම්කරුවන් හඹා යනු ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.

සැපයුම වැඩිවීම නිසා මිල ගණන් ද පහත වැටෙනු ඇතැයි දේපොළ වෙළෙඳාම් සමාගමක ප‍්‍රධානියකු වන චන්දන ද සොයිසා උපුටා දක්වමින් ‘‘බියෝන්ඩ් මනී’’ සඟරාව සඳහන් කරයි.

‘‘වර්තමානයේදී බදු කුලිය සියයට 5ත් 7ත් අතර අගයක තිබෙනවා. එය කොරතම් අගයකින් පහත වැටෙනු ඇතැයි ද යන්න පිළිබඳව ඔබට අදහසක් තියෙන්න පුළුවන්. මිල ගණන් සියයට එකකින් දෙකකින් පහත වැටුණත් ආසියාවේ නැගී එන නගර සමඟ සංසන්දනය කිරීමේදී තවමත් එම ගණන් තරගකාරී යැයි පෙන්වා දෙන්න පුළුවන්.’’ යැයි සොයිසා මහතා පෙන්වා දෙයි.

පසුගිය දශකයේදී දේපොළ වෙළෙඳාම්වල වර්ධනයට හේතු වූයේ දැඩි ලෙස ඉල්ලූම වැඩිවීමය. මිලදී ගැනීමේ හැකියාව වැඩිවීමද ඊට හේතුවක් යැයි ද සඟරාව පෙන්වා දෙයි.

‘‘තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති බාහෝ පිරිස්වලට දේපොළ වෙළෙඳාම් හා නිවාස සංකීර්ණ ජනපි‍්‍රය වත්කමක් වී තිබෙනවා’’ එච්.එස්.බී.සී අධ්‍යයනය පෙන්වා දෙයි.

තමන් උපයාගත් මුදල් හෙළි කිරීමට අකැමැති ව්‍යාපාරිකයන් හා අයථා ගනුදෙනුකරුවන් (ඩීල්කරුවන්) උපායගත් ලාභ වලින් කොළඹ පිහිටි දේපොළ මිලදී ගනිමින් සිටිනවා. ලංසු තැබීම්වලදී වෙළෙඳපොළ වැදගත් වෙනස්කම් සිදුවිය හැකි බව ද සඳහන්ය.

කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ නිවාස සංකීර්ණ 650කට ආසන්න සංඛ්‍යාවක් (දැනට ඉදිකෙරෙමින් පවතින ඒවාට ඇතුළුව) මිලදී ගැනුම්කරුවන්ගේ වර්ග තුනක් හඳුනාගත හැකි බව එම වාර්තා පෙන්වා දෙයි.

මැද පන්තියේ නිවාස සංකීර්ණ මිලදී ගැනීම ප‍්‍රාථමික ඒවාට හා සමානය. වර්ග අඩියක මිල රුපියල් 22,000ත් 35,000ත් අතර වන නිවාස සහිත නිවාස සංකීර්ණ මිලදී ගන්නා පිරිස් මැද පන්තියේ හඳුන්වන නමුදු තරමක් විශාලය.

විශාලතම කොටස විශේෂිත ආයෝජන ප‍්‍රතිලාභ අපේක්ෂි කරන හා ආකර්ෂණය කරගන්නා පිරිස්ය.

දේපොළ වෙළෙඳාමේදී ප‍්‍රාග්ධනය අහිමි වීමේ අවස්ථාවට ඉතා අඩුය. මෙම අධ්‍යයනය ආයෝජකයන් ධෛර්යමත් කළ ද තොරතුරු උපයෝගී කරගනිමින් ගන්නා තීරණවල වගකීම නොගන්නා බව ද එච්.එස්.බී.සී බැංකුව පවසයි.

සුඛෝපභෝගී ඉදිකිරීම්වල විකුණුම්වලින් සියයට 60ක් දේශීය ගැනුම්කරුවන් යැයි ද පැවසේ.

විදේශිකයන් හා විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දෙවැනි වර්ගයේ ගැනුම්කරුවන්ය. විකුණා අවසන් කර ලද විශේෂිත නිවාස සංකීර්ණවලින් සියයට 25ක අයිතිය හිමිව ඇත්තේ ඔවුන්ටය.

තෙවැනි වර්ගය ඉහත කොටස් දෙකට අදළාය. සියයට 15ක් වන අයිතිකරුවෝ ඔවුන්ගේම නිවාස සංකීර්ණවල ජීවත් වෙති.

මූලික අවධියේදී අයිතිකරුවන් නිවාස සංකීර්ණවල පදිංචව සිටින කාලය අඩුවීම දේපොළ වෙළෙඳපොළට හිතකර තත්ත්වයක් නොවන බව සොයිසා මහතා පෙන්වා දෙයි.

සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සඳහා ඇති ද්විතීක වෙළෙඳපොළ ඉතා කුඩා බව ද සොයිසා මහතා තවදුරටත් පෙන්වා දෙයි.

සුවිශේෂී විශේෂිත සහිත නිවාස සංකීර්ණ වෙළෙඳාම සිදුවන්නේ ඉතා අඩු කාලයකදී බවත් හතරත් අටත් අතර වාරික සහිත නිවාස සංකීර්ණවල අයිතිය මාසයෙන් මාසයෙන් වෙනස් වන බව ද ඔහු පවසා ඇත.

2009 වසරේදී පුපුරා ගිය දේපොළ බුබුළ වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද මෙම වාර්තාව ආයෝජකයන්ට පෙන්වා දෙන අතර පසුගිය අවස්ථාවේදී බොහෝ පිරිසකට ව්‍යාපෘති අවසන් කිරීමට පවා මුදල් නොමැති විය.

Share on Google Plus

0 comments:

Post a Comment