දහම් සිරිසේනගේ BMW කාර් කතාවේ ඇත්ත : Video


මේ දවස්වල සමාජජාල හරහා BMW මෝටර් රථයක් දඹුල්ල කණ්ඩලම වැව ළග  Drift කරන වීඩියෝවක් පැතිර යමින් තියෙනවා.

ගොඩක් කට්ටිය කිව්වා මේ BMW කාර් එකෙන් වැඩ දාන්නේ ජනපතිතුමාගේ පුත් දහම් සිරිසේන කියලා.

මේ වීඩියෝව දහම් සිරිසේන මහතාගේ කියලා කිව්වට ඒ වීඩියෝව වගේම එහි ඇති මෝටර් රථය අයිති මාතලේ තරුණයෙක්ටලූ‍.

එහි සත්‍ය අසත්‍යභාවය ගැන එයාගේ ෆෙස්බුක් ගිණුමේද සඳහන් කරලා තියෙනවා.

ඔහු කියනවා BMW මෝටර් රථයෙන් අදාල වීඩියෝව රෙකෝඞ් කරලා තියෙන්නේ 2016.07.31 දින Bike Squad - Matale සහ Matale Offroaders විසින් එක්ව සංවිධානය කළ මෝටර් රථ රැළියකදී කියලා.

අංක තහඩු එක්ක දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් තමන්ගේ වීඩියෝව අසත්‍ය පුවතක් ලෙසින් පළකිරීම මඟින් ඔහු කණගාටුවෙනවලූ‍.



Share on Google Plus