නාවුරු හා මානස්හි කඳවුරු වැසේ?


අනවසරයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචිවීම සඳහා බෝට්ටුවලින් යන්නන් අල්ලා සිරකර සිටින නාවුරු හා මානස් යන රටවල පිහිටි රැඳවුම් කඳවුරු වහා වසා දමා ඒවායේ සිටින රැඳවියන් ඕස්ට්‍රේලියාවට කැඳවන ලෙස එම කඳවුරු භාර සුබසාධන නිලධාරින් 103 දෙනෙක් ඉල්ලා සිටිති.

මේ රටවල් දෙකේ පිහිටා තිබෙන මේ සරණාගත කඳවුරුවල සිටින රැඳවියන්ට මහත් හිංසා පීඩා සිදුවන අතර ඒවායේ සිටින දරුවන්ගේ ජීවිත විනාශයට යොමුවන බවද එම කාර්ය මණ්ඩලයෙන් රජයට පෙන්වා දී ඇත.මේ කඳවුරුවල සිටින අනාථයින්ගේ තත්ත්වය තවදුරටත් පරීක්ෂා නොකර ඔවුන්ට සහන සැලසීම ඕස්ට්‍රේලියානු රජයේ වගකීම බව පෙන්වා දෙන ‍ඕස්ට්‍රේලියා ළමා සුරක්ෂණ සංවිධානයේ ළමා හා තරුණ සුබසාධන නිලධාරිනි එලීසා සී. බෝර්න් පැවැසුවාය. 

Share on Google Plus

0 comments:

Post a Comment