අගමැතිගේ සමීප ඥාතිවරියක් එක්සත් රාජධානියේ මහ පුටුවට.


එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව 8 වැනි සඳුදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තාය. ඇය ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය සෙනසුරාදාය.

ඇය ස්වදේශී කර්මාන්ත සමූහයේ සභාපතිනිය වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතාගේ සමීප ඥාතිවරියක වේ.

එක්සත් රාජධානියේ මහ කොමසාරිස් තනතුර පිළිබදව පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇතිවූයේ හිටපු මහ කොමසාරිස් වරයාට , පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරයෙකු ලන්ඩන් හිදී පහර දීමක් නිසා ඔහු තනතුරෙන් ඉල්ලා අස්වීමය. අනතුරුව තනතුර හිස්ව තිබින.

Share on Google Plus