අමාරුවෙන් හොයාගත්ත ලෝකෙ ලොකුම ගුහාව.


අපි ජීවත්වන විශ්වය තුළ පවතින සමහර දේවල් නම් අපි කිසිදිනක නොහිතන විදියෙ අරුම පුදුම දේවල්. ඒ වගේ පුදුම හිතෙන දෙයක් වියට්නාමයේ පිහිටලා තියනවා. එය හඳුන්වන්නේ "Son doong Cave" නමින්.

වියට්නාමයේ "Phong Nha - ke Bang" ජාතික උද්‍යානයේ පිහිටා ඇති මෙම ගුහාව ගැඹුරින් මීටර් 150ක් වන අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 9කි. මේ ගුහාව තුළ හුනුගල් සහිත භූවිෂමතා තත්ත්වය පැතිර තිබෙන අතර පිවිසුම් මාර්ග දෙකක් සහ අභ්‍යන්තරයෙන් ගලා බසින ගංගාවක් ද පිහිටීම අපූර්ව සිදුවීමකි.

ගොවියකු විසින් 1991 වර්ෂයේදී මෙය දැක තිබූ නමුත් ලෝකයට මේ පිළිබඳ ප්‍රචලිත වූයේ නැත. නමුත් 2009 වර්ෂයේදී බි්‍රතාන්‍ය සහ වියට්නාම ජාතිකයන් පිරිසක් මුල්වරට මෙහි ගවේෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මෙය ලෝකයේ විශාලතම ගුහාව බවට අනාවරණය වුණා. මේ වන විට මෙය ඉතා ජනප්‍රිය භූමි ප්‍රදේශයක් වන අතර එක් ගමනක් සඳහා පුද්ගලයකුගෙන් ඇමෙරිකානු ඩොලර් 3,000ක් අය කරනු ලබයි. වර්ෂාව අධික කාලයට මෙහි සංචාරය කිරීම අවදානම් සහිත වන අතර කිලෝමීටර 9ක් පුරා විහිදෙන ගන වනාන්තරයකට හිමිකම් කියන මෙම ගුහාව විවිධ සතුන්ගෙන් ගහන වූ ප්‍රදේශයක්ද වේ. මෙය වියට්නාම සංචාරක කර්මාන්තයට මහත් උත්තේජනයක් වන අතර වාර්ෂිකව ලෝකයේ සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙහි පැමිණෙයි. මෙය ඉතා විශේෂ පාරිසරික කලාපයක් වන අතර මෙය ආරක්ෂා කර ගැනීම ලෝවැසියාගේ යුතුකමක්ද වෙයි.

-මල්ෂා නානායක්කාර

Share on Google Plus

0 comments:

Post a Comment