නයිටාවේ දිවා ආහාරය හාඩ්වෙයාර් එකකින්?


ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය හෙවත් NAITA ආයතනය විසින් ගාල්ලේ පැවැත්වූ "නිපුණතා අභිෂේක උත්සවය" සඳහා සහභාගි වූ ආරාධිතයන් හට දිවා ආහාර ලබාගෙන ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයකින් බව හෙළිවේ.

එම අධිකාරිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කර තිබෙන විගණනයකදී මෙම තොරතුරු හෙළි වී තිබේ.

2015 ජූලි 09 වැනි දින "නිව් ලංකා හාඩ්වෙයාර් ඇන්ඩ් කන්ස්ට‍්‍රක්ෂන්" නම් ආයතනයේ වවුචර් අංක  1749 ඉදිරිපත් කරමින් අදාළ ආහාර ද්‍රව්‍ය සඳහා එම හාඩ්වෙයාර් ආයතනයට පියවීමට රුපියල් විසි ලක්ෂ දහඅටදහස් එකසිය හැටක (රු. 2,018,160/) මුදලක් ලබාගෙන ඇත.

එමෙන්ම ඉන්වොයිස් අංක 00179 අනුව පියවා තිබූ වියදමකින් හෙළිවන්නේ එවැනිම හාඩ්වෙයාර් ආයතනයකින් රූපලාවන්‍ය උපකරණ සහ ආලේපනද දිවා ආහාරය සඳහා සුදු බත්, කුකුළු මස්, පරිප්පු, අල බැදුම, වම්බටු මෝජුව, පපඩම් ආදිය ඇතුළත් කෑම පැකට් 700ක් ලබාදී තිබෙන බව ය. 

මේ ආකාරයෙන් මෙම අධිකාරියේ මුදල් විශාල ප‍්‍රමාණයක් පසුගිය කාලය පුරා විවිධ වංචා සහ දූෂණවලට යොදාගෙන තිබූ බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment