අම්මගේ මාලේ තවම උකස් කඩේද? - මොටර් බයිසිකල් බලලා කමෙන්ටුවක් දාන්න...


මිනුර රෂන්ත ‍වන මා විසින්,
2016 අගොස්තු 28 මොටර් බයිසිකල් බෑලු පසු
කොටුව රීගල් සිනමාහලේ සිට ලියමි,

මහා වංශය හා ජාතක කතා පොත ඉවර වෙන තුරු චිත්‍රපට නිර්මාණය වන යුගයක මෙන්ම කාඩ්බෝඩ් වීරයන් උඩින් යන අම්බානකට 10 දෙනෙකුට ගුටි නෙළන චිත්‍රපට හා මල් ගස් වටේ දුවමින් බොළද හීන විකුණන චිත්‍රපට පවතින සමයක මොටර් බයිසිකල් යනු මඩේ පිපුන නෙළුම් මලකට හා සමානය.

මෝටර් බයිසිකල් කියන්නේ කාෂ්ඨක කොළඹ වත්තක ඉපදුණු ගායකයෙක් වෙන්න හීන දකින දුප්පත් කොල්ලෙක්ගේ කතාවක්. ඒක කලාව එක්ක එකතු වෙන්න හීන දකින අවාසනාවන්තයෙකුගේ තවත් එක් කතාවක්, ලස්සන මධ්‍යම පාන්තික යැයි කිවහැකි තරුණියක් එක්ක පෙමින් බැඳිලා විවාහ වෙන්න පතන තරුණයෙකුගේ තවත් කතාවක්. උපතින් ධනවත් පවුලක නොඉපදිච්ච අපේ රටේ බහුතරයක් කතාවලින් උරාගත් තවත් එක් කතාවක්.

ෆිල්ම් එකේ මුලින් කාෂ්ඨක කොළඹ ලස්සනට අල්ලාගෙන තිබුණා...ඒ දර්ශන කොළඹ පාරවල් වල යද්දී ඇහැත් එක්ක අපේ ඔළුවෙත් රැඳුනු ඒවා...එතැනින්ම මං හිතා ගත්තා ෆිල්ම් එකෙන් යථාර්ථය ටච් කරලා කියලා...

ෆිල්ම් එක අවසානය වන තෙක් පවුඩර් හෝ මේකප් නොමැතිව නාගරික තරුණයකුගේ ජීවත් වීමේ අරගලය මනාව පෙන්නුම් කරනවා.
ටිකක් බලනකොට තේරේයි හේමාල්ගේ ප්‍රවේගයට ටිකක් සමානයිද කියලා. නමුත් හේමාල් අඳින්නෙම පට්ට ඇදුම් දැන් අරන් ටැග් එක කඩපු ගමන් වගේ ඇඳුම්.. එකපාර සල්ලි දීල ඌ ගන්නවා අපාචි බයික් එකක් ඒක ගන්නෙත් තාත්තාගේ සල්ලි වලින්.. කිට මරන් ඔෆිස් යනව... අපේ තාරුණ්‍යයට සෙට් වෙලා තියෙන කරුම වල්මත් ගතිය ප්‍රවේගය ටච් කරල තිබුනේ නෑ.

අමතක කරන්න එපා. අම්මගේ මාලේ තවම උගස් බඩු කඩේ බව............

මොටර් බයිසිකල් බලලා කමෙන්ටුවක් දාන්න...


Share on Google Plus

1 comments:

  1. ළමයි නැති පාලකයෝ ඇති රටක
    ඉන්න උන්ගේත් ළමයි පිටරට ඉගෙන ගන්න රටක
    මෙවැනි නිර්මාණ ඇගයිය යුතුය
    නමුත් සමාජ පරිවර්තනයක් නොකරන තාක්කල්
    මෙවැනි තරුණ ජිවිත අකාලයේ මිය යනවා ඇත
    මාතර නිවු සිනමා හලේදී මමත් නරබුවෙමි

    ReplyDelete