හරි පුදුම විවාහය : Photos


මනාලියකට තම ජීවිතයෙහි සොඳුරුතම දිනයෙහි රෝද පුටුවකටවී සිටින්නට සිදු වුවහොත් එය කොතරම් ශෝචනීය ඉරණමක් ද? එහෙත් ඒ ඉරණම හමුවේ තම ආදරණීයත්වය, අධිෂ්ඨානය සහ උත්සාහවන්තකම සමඟ කැටිවුණු වාසනාවන්තකම නිසාම වසර අටකට පසුව මංගල දිනයේදී දෙපයින් සිටගත් අපූරු මනාලියක් පිළිබඳ පුවතක් පසුගිය දිනක වාර්තා විය.

ජෝර්ජියානු ජාතික විසිපස් හැවිරිදි ජැකුයි ගොන්චෙයා මීට වසර 08 කට ඉහතදී අංශභාග රෝගී තත්ත්වයට පත්වූවා ය. දාහත් වියෙහි පසුවූ ඇය එක්තරා දිනයකදී පිහිනුම් ක්‍රීඩාව කරමින් සිටින අතරතුර ගෙලෙහි ආබාධයක් හටගැනිණි. එම ආබාධය ගෙලෙහි ආබාධයක් හේතුවෙන් ඇයට දිවිය ද අහිමි වීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කළහ. එහෙත් දෛවය මරු තුරුළට නොයවා අට වසරක් පුරාවටම රෝද පුටුවෙහි තැබුවේ ය.

මගේ ජීවිතය අවදානම් සහගතයි කියලා වෛද්‍යවරු එදා පැවසුවා. ඉන්පසු වෛද්‍යවරු දිගින් දිගටම මට ප්‍රතිකාර කළා. ඒත් මට නැගිටින්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මම මගේ අම්මගෙන් ඇහුවා “අම්මේ මට හැමදාමත් මෙහෙම රෝද පුටුවේ ඉන්න වෙයි ද දන්නේ නෑ නේද? කියලා.” අම්මා මාව ධෛර්යමත් කළා. මම එදා ඉඳන් ජීවත් වුණේ කවදාහරි දවසක දෙපයින් නැගිටිනවා කියන බලාපොරොත්තුවෙන්. ගොන්චෙයා තම අතීත සිතුවිලි ආවර්ජනය කළාය.

තිස්පස් හැවිරිදි ඇන්ඩි ඇයට හමුවූයේ ඇය රෝද පුටුවට වී ප්‍රතිකාර ගන්නා අතරතුරදීය. ඇයගේ ආබාධිත තත්ත්වය ඇන්ඩිට එතරම් ගැටලුවක් වූයේ නැත. ඔවුන් දෙදෙනා සජීවී අයුරින් මුහුණට මුහුණ හමු නොවුණත් ෆේස්බුක් සමාජ ජා‍ලයෙන් හොඳ මිතුරන් බවට පත් වූහ. කාලය කෙමෙන් ගලා ගියේ ආදර අන්දරයට ජැකුයිගේ ආබාධිත තත්ත්වය කිසිසේත්ම ගැටලුවක් නොකරමිනි.

“මම හැමවිටම මනෝ වෛද්‍යවරුන්ගේ උපදේශනය ලබා ගත්තා. එයාලා කියන දේවල්වලට සාවධානව ඇහුම්කන් දුන්නා. ශාරීරික ව්‍යායාම්වලට වගේම භෞතික චිකිත්සක ක්‍රමවලින් මගේ ආබාධිත තත්ත්වයට හොඳ ප්‍රතිකාරයක් ලැබුණා. මම ක්‍රීඩාවට බොහෝ ළදියි. ඒ හින්දා මම දැඩි ආශාවෙන් ශාරීරික ප්‍රතිකාරවලට යොමු වුණේ.” ජැකුයි ගොන්චෙයා තම ආබාධිත තත්ත්වය සුවකරගත් ආකාරය පැහැදිලි කළාය.

“එදා මගේ හිතේ විවාහය ගැන තිබුණේ සිහිනයක්. මම මගේ විවාහ දිනය දවසේ ඇන්ඩි සමඟ නර්තනයෙහි යෙදීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ. ඒත් මට එදින එය සිදු කරන්න පුළුවන් වේවිද කියලා මම හිතුවේ නෑ .”

මෙම වසරේ අගෝස්තු මා‍සයේදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්විණි. එදින ජැකුයි දිගු රෝස පැහැති ගවුමකින් සහ මල් පොකුරුවලින් නිර්මිත මල් ඔටුන්නකින් සැරසී සිටියා ය. එහෙත් එදින ද ඇය පැමිණ සිටියේ රෝද පුටුවෙනි. තම මවුපියන්, හිතමිතුරන්, නෑදෑයින් සමඟ පැමිණි ඇය එක් වරක් රෝද පුටුවෙන් නැගිටීමට වෙර දැරුවාය. දෙවැනිවර ඇය දෙපයින් සිට ගත්තේ පැමිණ සිටි අයගේ නෙත් සිත් පුදුමයට පත් කරමිනි.

ජැකුයි ගොන්චෙයාගේ මව ඇය අසලට පැමිණ සතුටු කඳුළු හෙළනු දැක්වෙන ඡායාරූප සහ ඇගේ හිතමිතුරන් ඇය දැක විශ්මයට පත් වුණු ආකාරය දැක්වෙන ඡායාරූප ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචවලට අසුවිය. ඩේලිමේල් එම විවාහ උත්සවයේ ඡායාරූප ඉතාමත් සංවේදී අයුරින් පළකර ඇත්තේ මුළුමහත් ලෝකයාගේම හදවත්වලට දැනෙන ආකාරයට ය.

නර්තනයෙහි යෙදුණු ජැකුයි ඇන්ඩි යුවළගේ රූප රාමුව ජැකුයිගේ මව විසින් මැගී ස්මිත් නමැති ප්‍රවීණ චිත්‍ර ශිල්පියා ලවා දියසායම්වලින් අන්දවා ගනු ලැබුවේ දියණියට මංගල ත්‍යාගයක් වශයෙන් තිළිණ කිරීමේ බලාපොරොත්තුවෙනි.

මැගී ස්මිත් චිත්‍ර ශිල්පියා විසින් දිය සායම්වලින් අඳිනු ලැබූ එම චිත්‍රය අසමසම එකක් විය. “ඒක හරියට චිත්‍රපටියක් වගේ දර්ශනයක්. හැමෝම ඒක දැකලා පුදුමයට පත් වුණා.” ස්මිත් මාධ්‍යයට පැවසුවේ එපරිද්දෙනි.

“විවාහ ජීවිතය කියන්නේ හරිම පුදුමසහගත දෙයක්. ඒත් මට දැන් එය අභියෝගාත්මක වෙනසක්” විවාහයෙන් පසුව ඇය පැවසුවාය.

ජැකුයිගේ පවුලේ ඥාතීන් ඇගේ ආබාධිත තත්ත්වය පිළිබඳව ABC මාධ්‍යට පැවසුවේ මෙබන්ධකි. “විවාහ දිනට පෙර ඇගේ රුධිර පීඩන මට්ටම ඉතාම අඩු ප්‍රමාණයක තිබුණේ. මිනිත්තු 30කට වැඩි වේලාවක් පරීක්ෂා කර බැලූවිට අපට එය තේරුණා.”

“ඇත්තටම මම වසර 08 පුරාවට පැය 100ක කාලයක් ශරීරික අභ්‍යාස කළා. හිතේ දැඩි ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගත්තා. දෙවියන් පිළිබඳ භක්තියක් ගෞරවයක් හිතේ හැමදාම තිබුණා. මම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මට කවදා‍ හෝ දවසක නැවතත් යථා තත්ත්වයට පත්වීමට ලැබෙන්න කියලයි”. අවසානයේදී දෙවියන් මම ප්‍රාර්ථනා කළ දේ ඉෂ්ට කර දුන්නා. ජැකුයි ගොන්චෙයා මාධ්‍යයට පැවසුවා ය.













Share on Google Plus

0 comments:

Post a Comment