මහජන බැංකුවේ කෝටි 70 වංචාවක් පසුපස ඉන්නේ කවුද?


රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඉතාම කෙටි කාලයක් ඇතුළත තෝරා ගනු ලැබූ එක්තරා සමාගමකට ලබාදීමට ගිය ඩොලර් මිලියන 4 ඉක්මවූ (රුපියල් කෝටි 70) මහජන බැංකුවට අදාළ දැවැන්ත ව්‍යාපෘතියක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකුගේ දැඩි විරෝධය මත පසුගිය බ්‍රහස්පතින්දා (25දා) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙසේ අත්හිටුවා ඇත්තේ මහජන බැංකුව ඩිජිටල් උපකරණ සඳහා අලුතෙන් අවශ්‍ය දෘඪාංග (ඩ්චපඤඹචපඥ) මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මහා පරිමාණ ව්‍යාපෘතියකි.

මීට පෙර පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත්ව තිබූ පත්‍රිකාවකට අනුව මහජන බැංකුව ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය දෘඩාංග (ඩ්චපඤඹචපඥ) පද්ධතිය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 4.5ත් -5.5ත් අතර මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට තීන්දු කොට තිබිණි.
එහෙත් පුදුමයට කරුණ වන්නේ එම අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු ලිඛිතව වාර්තා පොත්වල සටහන් වීමටත් ප්‍රථම එම තොරතුරු ඉල්ලුම්කරුවන් කිහිපදෙනකු අතට පත්ව තිබීමය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමටත් ප්‍රථමව ඉල්ලුම්කරුවන් අට දෙනකු මහජන බැංකුවේ මේ දැවැන්ත ව්‍යාපෘතිය තමන්ට ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කර ඇත.

මෙහිදී දැකගන්නට ඇති අනෙක් පුදුමය වන්නේ අවශ්‍ය දෘඪාංග (ඩ්චපඤඹචපඥ) මිලදී ගැනීමේදී ඊට අදාළ ඇතැම් කොටස් එක්තරා සමාගමක් මඟින් ගෙන්වන සන්නාම නාමයන් (ඕපචදඤඵ) සඳහන් කරමින්ම ඒ සමාගම හරහා මිලදී ගත යුතු බවට විශේෂයෙන් සටහන් කර තිබීමය.

සාමාන්‍යයෙන් මෙවැනි දැවැන්ත ගනුදෙනුවක් රජයේ නියමිත පටිපාටියට අනුව යමින් ටෙන්ඩර් කැඳවා, පුවත්පත්වල දැන්වීම් පළ කොට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා සති දෙක තුනක කාලයක් ගත වන නමුදු මේ ව්‍යාපෘතිය සඳහා එම ක්‍රමවේදයෙන් බැහැරව දින 5ක් වැනි ඉතා කෙටි කාලයක් ඇතුළත අදාළ සමාගමට අවශ්‍ය ආකාරයට කොන්ත්‍රාත්තුව ලබාගත හැකි පරිදි එම පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ. එමෙන්ම මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ කිසිදු දැනුම්දීමක් නොකොට හොර රහසේ මේ ගනුදෙනුව සිදු කිරීමට ඊට සම්බන්ධ පුද්ගලයන් කටයුතු සූදානම් කර ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන ඇති මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු පසුගිය බ්‍රහස්පතින්දා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ ප්‍රශ්න කිරීමටත්, විරෝධය පළ කිරීමටත් කටයුතු කර තිබේ. එහිදී කර්මාන්ත මණ්ඩලයේ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කළ නියෝජිතයා මේ ගනුදෙනුවට දැඩිව විරෝධය පළ කර ඇති අතර ඇතැම් නියෝජිතයන්, යම් හෙයකින් මෙය සිදුකළහොත් තමන්ටද අනාගතයේ ජ්ඛ්ධ්ච්ය වෙත යෑමට පමණක් නොව හිරේ වැටීමටද සිදුවනු ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව එදින තීරණයකින් තොරව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම අත්හිටුවීමට පිරිස කටයුතු කළද ලබන බදාදා (31දා) දිනට නැවත හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා එය කෙසේ හෝ සම්මත කර ගැනීමේ සූදානමක් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.

කෝටි 70කට අධික වටිනාකමකින් යුතු මහජන බැංකුවේ මේ දැවැන්ත ව්‍යාපෘතිය අත යට තම සමාගමට ගැනීමට උත්සාහ කරන මෙම තොරතුරු තාක්ෂණය සම්බන්ධ සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධ ගනුදෙනු රැසකටම සම්බන්ධ වී ඇති සමාගමක් බවටද දැනගන්නට තිබේ.

එම ගනුදෙනුවලදී ටෙලිකොම් ආයතනය හා සම්බන්ධ වූ පුද්ගලයන් කිහිපදෙනකුම මේ මහජන බැංකුව සම්බන්ධ ගනුදෙනුවේදීත් මැදිහත්ව සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේදී තොරතුරු රැසක් හෙළිදරව් කිරීමටද හැකි වෙතැයි දැනගන්නට ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment