මානව ඉතිහාසය වෙනස් කරමින් ‘ වසර ලක්ෂ 5ක් පැරණි ඉදිකටුවක් ‘ හමුවෙයි.


විද්‍යාඥයින් පිරිසක් ලොව පැරණිම ඉදිකටුව සොයාගෙන තිබෙනවා.

මෙය සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ ඩෙනිසෝවා නම් ගල් ගුහාවකිනුයි.

මෙම ඉදිකටුව වසර ලක්ෂ 5ක් පමණ පැරණි බවයි වාර්තාවන්නේ.

තවමත් මෙම ඉදිකටුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

අඟල් 3ක් පමණ දිග මෙම ඉදිකටුව නිර්මාණය කර ඇත්තේ අස්ථි වලින් බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඒ අනුව මිනිසා වසර ලක්ෂ ගණනකට පෙරත් ඇඳුම් මසා ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙය මානව ඉතිහාසයේ වඩාත් සුවිශේෂි වූත් ආන්දෝලනාත්මක වූත් සොයා ගැනීමක් බව විද්‍යාඥයින් වැඩිදුරටත් පවසනවා.






Powered by Blogger.