බස්‌නාහිර ඇමැතිගෙන් පුතාට සභාපති පදවි 2ක්‌ - පාවිච්චියට රජයේ වාහන 3ක්‌.


බස්‌නාහිර පළාත් සභාවේ ඇමැතිවරයකු තම අමාත්‍යාංශයට අයත් ආයතන දෙකක සභාපති තනතුරු සඳහා සිය පුත්‍රයා පත්කර තිබේ.

ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙසද මෙම පුත්‍රයා කටයුතු කරන අතර ඔහු රජයේ නිල වාහන 03 ක්‌ද මේ වන විට භාවිත කරන බව එම පළාත් ආයතනයක නිලධාරියෙක්‌ පැවසීය.

මෙම පුත්‍රයා සභාපතිධුර දරන එක්‌ ආයතනයක්‌ අධිකාරියක්‌ වන අතර අනෙක්‌ ආයතනය මූල්‍ය කටයුතු සිදුකරන ආයතනයකි.

මෙම පළාත් ඇමැතිවරයා පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ සංවිධායක ධුරයකින් පිදුම් ලැබීය.

මෙම සභාපතිවරයා විසින් දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් දෙදෙනකුට ඉහළ තනතුරු දෙකක්‌ ලබාදී ඇති අතර තම ආයතනයේ සේවය කරන වයස අවුරුදු 60 ඉක්‌මවූ පුද්ගලයන් දෙදෙනකුට සේවා දිගු ලබා දී ඇතැයිද එම නිලධාරියා කීය.

පවුල් පාලනයට එරෙහිව යමින් බලයට පත්වූ යහපාලන රජයේ පළාත් ඇමැතිවරයකුගේ පුත්‍රයකුට මෙලෙස සභාපති තනතුරු දෙකක්‌ හා රජයේ නිල වාහන ලබාදීම එම ආයතනවල සේවකයන්ගේ විමතියට හේතු වී තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment