'ඊළඟ කෑල්ල' සැප්තැම්බර් 1 වැනිදා ප්‍රසූත කෙරේ.


භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්  විසින් රචනා කළ දෙවන නවකතාව වන  ‘ඊළඟ කෑල්ල‘ නවකතාව මුහුරත් කිරීමේ උත්සවය ‘ඊළඟ කෑල්ල ප්‍රසූත කිරීම සහ සාහිත්‍ය සහවාසය‘ යන මැයෙන් 2016 සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.

මෙහිදී, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, විචාරක චින්තන ධර්මදාස සහ ඉරුදින ප්‍රවෘත්ති කර්තෘ කසුන් පුස්සෙවෙල මෙන්ම ආචාර්ය එච්.කේ.එම්. සිල්වා යන මහත්වරුන් විසින් දේශන පැවැත්වීමට නියමිතව ඇත.

මෙහිදී මූලික දේශන වලින් අනතුරුව  ‘ඊළඟ කෑල්ල‘ නවකතාව කේන්ද්‍රකරගනිමින් විද්වත් සංවාදයක් වෙනුවෙන් ද කාලය වෙන් කර තිබේ.

‘ඊළඟ කෑල්ල‘ නවකතාව මගින් ජනගැටලු හමුවේ දේශපානඥයින් ඇතුළු පාලකයින්ගේ අවධානය යොමු වීමේ ප්‍රමාණය හා වපසරිය පිළිබද යථාර්ථ ලෝකයේ අත්දැකීම් සමගින් සාකච්ඡා කෙරෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ඇතුලු මූලික අවශ්‍යතාවල සමානාත්මතාවය, යුද්ධය, නියගය, අලි-මිනිස් ගැටුම සේම විදේශ රැකියා සම්බන්ධ මහපොළවේ ඛේදවාචකය පිළිබද සමාජ සංවාදයකට මූලබීජ සපයමින් නවකතාව රචනා වී තිබේ. එසේම, එළඹෙන අභියෝග හමුවේ දිරිය දියණියක ලෙසින් නැගී සිටි යුවතියක සිය අකලංක ආදරය සහෝදර ප්‍රේමයකට හිලව් කර පුදසුන මත තබා පූජා කළ අනුවේදනීය ආදර කතාවක් වටා කෘතිය මූලිකව පෙළගැසී ඇත.

Share on Google Plus

0 comments:

Post a Comment