අල්පේච්ඡ ආණ්ඩුවේ යහපාලන සැමැරුම 19දා මාතරදී.


යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රථම සංවත්සර සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මේ මස 19දා මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.

2015 අගෝස්තු 17 දා පැවැති මහ මැතිවරණයෙන් පසු බිහි වූ ජාතික රජයෙන් පසුගිය අවුරුද්දක කාලය තුළදී රටටත් ජනතාවටත් ලබා දුන් දේ පිළිඹිබු වන විචිත්‍රවත් සංදර්ශනයකින් එම උළෙල සමන්විත වේ.

ජාතික රජය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල මැති ඇමැතිවරුන් ද එම පළමු සංවත්සර උළෙලට මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයට පැමිණීමට නියමිතය.

එම උළෙල සංවිධාන කරනු ලබන්නේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසිනි. 

Share on Google Plus