16MP ‘Selfie Expert’ සමඟින්OPPO FIs ස්මාර්ට්ෆෝන්.


වර්තමානයේ පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ස්මාර්ට් ෆෝන් වෙළඳ නාමයක් වන OPPO හඳුන්වා දෙන නවතම OPPO FIs පසුගියදා ඉන්දියාවේ මුම්බායි හි දී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙය ලොව පුරා සමගාමීව දියත් කිරීමට OPPO කටයුතු කළ අතර ඒ අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් කිහිපයකදීම මෙය දියත් කිරීම විශේෂත්වයකි. නවF1s දුරකථනයOPPO Fමාදිලියේ‘Selfie Expert’යනුවෙන් හඳුන්වා ඇත. එහෙත්F1 දුරකථනයට සාපේක්ෂව මෙම නව දුරකථනයේ ඉදිරිපස කැමරාව 16MP දක්වා වර්ධනය වී ඇති නිසා එය සෙල්ෆී කලාවේ නව මානයක් සනිටුහන් කරනු නොඅනුමාන ය.

මුම්බායි හි දී පැවැති මෙම උත්සවයට සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන සෝනම් කපූර් සහ සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ද සහභාගී වූහ.

ඉදිරිපස කැමරාවට අමතරව මෙම නව දුරකථනය 13 MP පසුපස කැමරාවක්, අධිවේගීfingerprint reader එකක්, විශාල 3075mAh බැටරියක්, 32ROM එකක්, ඩුවල් සිම් expandable memorye සහ හැකියාවන් ලබාදෙනTriple-slot card tray එකක් වැනි විශේෂාංග රැුසකින් සමන්විත වේ.

”‍f1 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වා දුන් දා පටන් එය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණා. ඉතින් අපි එහි විශේෂාංග තවත් වැඩිදියුණු කර පාරිභෝගිකයන්ට ලබාදෙන්නට සිතුවා.
f1 සහ f‍1 Plusමිලදීගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 10 කට අධිකයි. f‍1sදුරකථනය ඊටත් වඩා ජනප්‍රිය වේවි කියා අප සිතනවා.” OPPO උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර ජංගම දුරකථන ව්‍යාපාර) ස්කයි ලී මහතා පැවසී ය.

Share on Google Plus

0 comments:

Post a Comment