යුද හමුදාපතිට සේවා දිගුවක් - මීලග යුද හමුදාපතිත් තීන්දුයි




යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි. 

අගෝස්තු 22වැනිදා සිට බලපාන අයුරින් යුද හමුදාධිපතිවරයාගේ කාලය දිගු කර තිබේ.

ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාවේ 21 වැනි හමුදාධිපති ලෙස පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

මෙම සේවා දිගුව සමග මීලග යුද හමුදාධිපති ලෙස මීලගට සිටින ජේෂ්ඨතම නිලධාරියා ලෙස යාපනය ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතාගේ පත්වීම ද ස්ථිර වී ඇත.

මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතා කලක් ඇමරිකානු යුධ හමුදාව සමගද කටයුතු කර ඇති ශ්‍රී ලංකා යුද හමුදාව තුල සිටින ජේෂ්ඨ නිලධාරියෙකි.

ඒ මහතා 2016 වසරේ මුල බාගයේදී  පමණ ආඥාපති ලෙස වැඩ බාරගත්තේය.

ජාතින් අතර සංහිදියාව වර්ධනය කිරීමට ඔහු ගත් ක්‍රියාමාර්ග ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල ද පැසසුමට ලක්විය.

Share on Google Plus